සුපිරි කාර්මික විදුහල් තුනක්
- 2016-12-24 10:41:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හම්බන්තොට, පුත්තලම හා මොනරාගල සියලු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකඟතාව පළ කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය කියයි. එක් මධ්‍යස්ථානයක එක වර සිසුන් දෙදහසකට අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි සියලු පහසුකම් ලබා දීමට චීන රජය එකඟ වී ඇත.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා චීනයේ කළ සංචාරයේ දී චීන ජාත්‍යන්තර කටයුතු සහකාර රාජ්‍ය අමාත්‍ය ඩිව් එන්යෝන්ග් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට අත්වූ බව ද එම අමාත්‍යංශය කියයි. ලංකා චයිනා ටෙක් ලෙස එම ආයතන තුන ආරම්භ කිරීමට සාකච්ඡාවලදී තීරණය වී තිබේ.(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments