සුභග ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ
- 2017-09-13 11:28:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක්‍රීඩා, කලා හා නව නිර්මාණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂ දක්ෂතා දක්වන සිසු දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම 2017 ජූලි මස 31 වන දින ආරම්භ වූ අතර අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් මස 22 දක්වා දීර්ඝ කර ඇත.
නිර්මාණශීලී දරු පරපුරක් බිහිකිරීම උදෙසා ක්‍රියාවට නංවා ඇති මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ක්‍රීඩා , සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ නව නිපැයුම් යන විශේෂ කාණ්ඩ 3ක් යටතේ දක්ෂතා දක්වන සිසුන් 1000 සඳහා මසකට රු.2,500.00 බැගින් වාරික 20 ක් සඳහා රු.50,000.00 ක ශිෂ්‍යත්වයක් ලබා දෙනු ලැබේ.
මෙහි ආරම්භක පියවර ලෙස අ.පො.ස.(උ.පෙළ) හැදෑරීම ආරම්භ කරනු ලබන 12 වන ශ්‍රේණියේ දරුවන් සඳහා මෙම සුභග ශිෂ්‍යත්වය ප්‍රදානය කරනු ලබන අතර ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සිසුන් විසින් තම අයදුම්පත් 2017 සැප්තැම්බර් මස 22 දිනට පෙර ඉල්ලුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. අදාළ අයදුම්පත් සහ වැඩි විස්තර www.moe.gov.lk අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments