Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සුවදායී පරිසරයකින් යුත් හොඳම පාසල් තේරීමේ 2016 ජයග්‍රාහී පාසල් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය 2017 පෙබරවාරි මස 14 දින පස්වරු 3.00ට පරිසර අමාත්‍ය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ, ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ.  මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය, අනුරාධ ජයරත්න, අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන සුවසර තක්සලාව වැඩසටහන යනු සුවදායී පරිසරයකින් යුත් ඉගෙනුම් වටපිටාවක් මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකි. 2002 වර්ෂයේ දී මෙරට පාසල් බොහොමයක ඩෙංගු උවදුර ව්‍යාප්ත වෙමින් පාසල් දරුවන් කීපදෙනෙකු මිය යාමත්, තවත් විශාල පිරිසක් දැඩි සේ ඔත්පල වීමත් යන පසුබිමක් තුළ 2002 වර්ෂයේ දීම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට සමස්ත පාසල් පද්ධතිය තුළ පිරිසිදු පාරිසරික වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් සුවසර තක්සලාව වැඩසටහන ආරම්භ කරන ලදී.

සුවදායී පරිසරයකින් යුත් හොඳම පාසල් තේරීමේ දී පාසල තුළ දෛනිකව ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය, පස, ජලය වැනි ස්වභාවික සම්පත් සංරක්ෂණ වැඩපිළිවෙල, පන්ති කාමරය තුළ හා අවට පිරිසිදු බව, බලශක්ති සංරක්ෂණයට දායක වන ආකාරය පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ප්‍රශ්නාවලියක් සකස් කර ප්‍රාදේශිය පරිසර නිලධාරීන් මඟින් පාසල්වලින් මුලික වටයෙන් තොරතුරු ලබාගත් අතර, පුවත්පත් දැන්වීම් හා ගුවන්විදුලි මාධ්‍ය මඟින් ඒ පිළිබඳව විවෘතව ඉදිරිපත් වීම සඳහා අවස්ථාවක් ද සලසා දෙන ලදී. මුලික වටයේ තොරතුරු ලබා ගැනීම මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදු කිරීමෙන් අනතුරුව අදාළ ක්ෂේත්‍රයේ විද්වත් කණ්ඩායමක් දෙවන වටයේ විනිශ්චය සඳහා දිස්ත්‍රික් මට්ටමින් අදාළ පාසල් වෙත ගොස් තේරීම් කටයුතු කරන ලදී පාසල තුළ ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී වු ව්‍යාපෘති මෙන්ම සමස්තයක් වශයෙන් සලකන විටදී, පාසලේ පවිත්‍රතාව මෙන්ම පියකරු බව වැනි හරිත සංකල්පය ඔප් නැංවෙන ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරන ලදී. එම කරුණු සලකා බැලීමෙන් පසුව දිස්ත්‍රික්කයකින් 1,2,3 යන ස්ථාන වශයෙන් ජයාග්‍රාහී පාසල් තෝරා ගත් අතර ජයාග්‍රාහී පාසල් 71ක් සඳහා ත්‍යාග හා සහතික ප්‍රදානය කිරීමේ උත්සවය මෙලෙස ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

පරිසර අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පුර්ණ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මේ වන විට මෙරට පාසල් අතර ජනප්‍රිය හා ඵලදායී වැඩසටහනක් බවට පත් වී ඇත. ගහකොළ සතා සීපාවාට මෙන්ම පස, ජලය, වායුව හා වනාන්තර වැනි ස්වභාවික සම්පත්වලට ආදරය කරන දරු පරපුරක් බිහි කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පාසල් පරිසර නියමු ජාතික වැඩසටහනට සමගාමීව සුවසර තක්සලාව වැඩසටහන ද ක්‍රියාත්මක කිරීම, සුන්දර පරිසරයක් පාසල් ප්‍රජාවට තිළිණ කිරීම සඳහා හේතුපාදක වන බැව් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය.

Media Unit (EE&A) – Central Environmental Authority – 2 873 449

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.