සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක්
- 2017-06-26 15:32:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගොඩනැගිලි තුන යා කරමින් ඉදිකෙරෙන මාර්ගයේ වැඩකටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියට හා සමෘද්ධි යෝජනා ක්‍රමයට අයත් ඉඩම්වලින් රජයේ ආයතන සඳහා කාර්යාලයීය පහසුකම් සලසාගන්නා බවද ඇමැතිවරයා කියා සිටියේය.
අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා මේ වනවිට ඉතා විශාල මුදලක් ගෙවමින් පෞද්ගලික ස්ථාන කුලියට ගෙන ඇති බවත් ඒ වෙනුවට මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකරන බවත් කී ඇමැතිවරයා මෙම ගොඩනැගිලි රජයේ ආයතන සඳහා සාධාරණ කුලියකට ලබාදිය හැකි බව ද පැවසීය.
ලංකාදීප ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments