“සෙනෙහසක තොටුපොළ” ජනතා අයිතියට
- 2016-10-30 12:57:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව, සිය කැපවීමෙන් හා සාමූහිකත්වයෙන් “සෙනෙහසේ තොටුපොළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අලිමංකඩ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කෙරුණේ අනුරාධපුරයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය සහ යාපනයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය අලිමංකඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුවයි.
දිවයිනේ සෑම පළාතක් ම ආවරණය කරමින්, පාසල් සිසු දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මවුපියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් එක්රැස් කර මෙම ස්ථානය ගොඩනැගීම සඳහා පරිත්‍යාග ලබා දී ඇති අතර සියලුම පාසල් ගුරුවරුන් ද මේ සඳහා රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් මීට දායක වීය.
දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 22 කට අධික මුදලක් වැය වී ඇති අතර පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල්වලට අමතරව ඉතිරි මුදල් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ලබා දී තිබෙනවා. අලිමංකඩ දුම්රිය ස්ථානයේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමග උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් රැසක් සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments