සෙනෙහසේ තොටුපොළ 28 දා විවෘතයි

2025 මැයි මස 17 පෙ.ව. 09:49 - {{hitsCtrl.values.hits}}  

දිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව “සෙනෙහසේ තොටුපොළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය එළඹෙන 28දා ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

තිස් වසරක් පුරා  පැවැති යුද්ධය හේතුවෙන් හානියට පත්වූ අලිමංකඩ දුම්රිය ස්ථානය උතුරේ හා දකුණේ පාසල් සිසුන් හා ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් ගොඩ නංවා නැවතත් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

දිවයිනේ සෑම පළාතක් ම ආවරණය කරමින්, පාසල් දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මව්පියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් එක්රැස් කොට අලිමංකඩ දුම්රිය ස්ථානය ගොඩනැගීම සඳහා පරිත්‍යාග කර ඇත. 

ගුරුවරුන් ද රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් මීට දායක වී තිබේ. දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 22 කට අධික මුදලක්  වැය වී ඇති අතර පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල් වලට අමතරව  ඉතිරි මුදල් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ලබා දී ඇත.

දුම්රිය ස්ථානය ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි. 28දා පෙරවරු 11.58 ට යෙදෙන සුබ මොහොතින් “සෙනෙහසක තොටුපොළ” නම් වූ අලිමංකඩ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කෙරෙන්නේ අනුරාධපුරයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය සහ යාපනයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය අලිමංකඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙනි.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් සහභාගිවීමට නියමිතයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 1 2 3 5

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...