Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනපති පදවි ප්‍රාප්තිය දෙවර්ෂ පුර්ණය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සතුටු ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

 මෙහිදී ගම්මානවල ප්‍රජා නායකයින් බලගන්වා ප්‍රජාවගේ ද සහයෝගය, සහභාගීත්වය සහ ප්‍රජා බලගැන්වීම තුළින් "සතුටු ගම්මාන” බිහි කිරිමට නියමිතය.

 2017 වසර පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි. කළුතර,බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හල්කඳවිල ගම්මානයේ දී සමාරම්භක වැඩසටහන ජනවාරි 08 දා ක්‍රියාත්මක කෙරේ.

මෙි පිළිබදව රජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමෙි රැස්වීමක් කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩි.සී ජයලාල් සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කළුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි. ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තෙමින්තුවට අනුව මූර්ත මාසික ඒක පුද්ගල මුළු පරිභෝජන වියදම රුපියල් 4064 කට (2016 ඔක්තෝබර් වනවිට) වඩා අඩු ජන සංඛ්‍යාව දිළින්දන් වශයෙන් හදුන්වනු ලබයි. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවෙි සාපෙක්ෂ දරිද්‍රතාවයේ අගය ඉහළ මට්ටමක පැවැතීම ආර්ථීක වර්ධනයෙහි ලා ඉමහත් ගැටලුවක්ව පවතී. දිළිදුකම පිටු දැකිම උදෙසා ආර්ථික වර්ධනය අනිවාර්යයෙන්ම අවශ්‍යවන්නා සේම සෞඛ්‍ය අංශයේ පහසුකම් වැඩිදියුණු කිරිම මෙහි ප්‍රබල සාධකයක් වෙි. මානව ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය උදෙසා වර්තමාන රජයේ ප්‍රතිපාදන මත විවිධ වැඩසටහන් මෙි වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කොට ඇත. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙි ජනගහනයෙන් සියයට 70 ක් සහ දිළිදු ජනගහනයෙන් සියයට 90 ක් වාසය කරනු ලබන ග්‍රාමිීය ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සදහා වැඩි අවධානයක් යොමු කර ඇත. තවද නව රජයේ දින 100 වැඩසටහනට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන ගැබිණි මවිවරුන් සදහා පෝෂණ මල්ලක් ලබාදීම, දුම්වැටි ආශ්‍රීත නිෂ්පාදනවල රූපමය අවවාද ඇතුළත් සියයට 80 දක්වා වැඩි කිරිම, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම තුළින් ඖෂධ වර්ග 48 මිල පාලනය කිරිම, වැනි වැඩසටහන් දිළිදුකම පිටුදැකීමෙහි ලා මහගු මෙහෙවරක් ඉටු කරනු ලබයි. එපමණක් ද නොව විවිධ පෝෂණ ඌණතාවයවන් කෙරෙහි සෞඛ්‍යාරක්ෂිත ආහාර රටා භාවිතා නොකිරිම, යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා නොගැනීම, නිවැරදි ආහාර තෝරා ගැනීමෙි අපහසුතාවය, ආහාර සම්බන්ධයෙන් ප්‍රජාව අතර පවතින විවිධ ආකල්ප හා මිථ්‍යා මත යන පෝෂණ ගැටළු බොහෝමයක් දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොට්ඨාස ආශ්‍රිතව දැකගත හැකිය.

මෙම කරුණු පදනම් කර ගනිමින් ජනතාව දිළිදුකමින් නිදහස් කිරීම සදහා කෙටිකාලීන සහ දිර්ඝ කාලීන ව්‍යාපෘති රජය විසින් හදුනාගෙන ඇත. දිළිදුකම පිටුදැකීම උදෙසා ප්‍රජාව බලගැන්වීෙමි අරමුණින් සතුටු ගම්මාන ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරන බව මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

 2017 වසර දිළිදුකමින් නිදහස් කිරීමේ වර්ෂය පදනම් කර ගනිමින් "සතුටු ගමමාන” ව්‍යාපෘතිය දියත් කරන අතර, එම වර්ෂයේ දී දිස්ත්‍රික්ක දෙකක් ආවරණය වන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය අවම කිරිම උදෙසා ගම්මාන තුල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්පැන් සහ දුම්වැටි නිවාරණ වීදි නාට්‍ය ආරම්භ කිරීම, ගම්මානය තුල වියපත් වූවන් සහ ආබාධිතයින් සදහා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සියදිවි නසාගැනීම් අවම කිරිම සදහා උපදේශන වැඩමුළු පැවැත්වීම, බෝනොවන රෝග පාලනය කිරිම සදහා වැඩසටහන් දියත් කිරිම, ගම්මාන තුල සනීපාරක්ෂක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ප්‍රජාවගේ සෞඛ්‍යමය ගැටළු නිරාකරණය කිරීම සදහා ජංගම සෞඛ්‍ය කදවුරු පැවැත්වීම මෙහිදී සිදු කරන බව පෞද්ගලික ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන්, කළුතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. (රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.