සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

2025 මැයි මස 15 ප.ව. 05:45 - {{hitsCtrl.values.hits}}  

සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රපත්තිය එළිදැක්වීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06)  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරේ. සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් ආයතන සඳහා වු වඩා විශ්වාසදායී තොරතුරු පද්ධතියක් ඇති කරන අතර සමාජීය වශයෙන් රෝගියා මුල්කරගත් තොරතුරු පද්ධතියක් බිහිකිරීමට අවස්ථාව උදා වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු ඒකකයේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු ඒකකවල නිලධාරීන්, සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය, අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් මෙම සෞඛ්‍ය තොරතුරු සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගොඩනංවන ලදී. සෞඛ්‍ය තොරතුරු සඳහා වූ ජාතික ප්‍රතිපත්තියට 2017 ජනවාරි 03දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...