හදිසි ආපදාවට මුහුණදීමට සෞඛ්‍ය අංශ සීරුවෙන්
- 2017-12-01 06:26:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බස්නාහිර සහ දකුණ යන පළාත්වල ඇතැම් රෝහල්වලට ගස් කඩා වැටීමෙන් සුළු හානි සිදුව ඇත. කළුතර මහ රෝහලේ ගස් කඩා වැටීම හේතුවෙන් සුළු හානි සිදුව ඇති අතර, එම හානියට පත් ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන ඇත.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විදුලිය විසන්ධි වීම් සිදුව ඇති අතර, ඇතැම් රෝහල්වල ජෙනරේටර් මගින් විදුලිය සපයා ගනිමින් රෝගී සත්කාර සේවා සිදු කරනු ලබයි. විදුලි බලය නොමැති රෝහල්වල එන්නත් ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
හදිසි ආපදා තත්ත්වය පවතින පළාත්වල සියලු ම රෝහල්වලට අවශ්‍ය තරම් ඖෂධ, කාර්ය මණ්ඩලය ලබා දෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments