හුබෙයි කොවිඩ් අවධානම තවදුරටත් පහළට
- 2020-05-02 13:32:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාත තුළ එහි අවධානම තවදුරටත් පහළ දමා තිබේ.
කෙසේ වෙතත් තවදුරටත් රෝගය සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටිය යුතු බව හුබෙයි පාලනාධිකාරිය සඳහන් කළේය.
ඒ අනුව ආසාදන වඩා හොඳින් පාලනය කිරීම, ශක්තිමත් න්යෂ්ටික අම්ල පරීක්ෂා කිරීමේ හැකියාවන් සහ රටට පිටින් පැමිණෙණ ආසාදන අවදානම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස චීනයේ කැබිනට් මණ්ඩලයේ ඒකාබද්ධ නිවාරණ හා පාලන යාන්ත්රණය සිකුරාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අප්රේල් මාසයේ සිට, ආනයනික සිද්ධීන් නිසා ඇති වූ පොකුරු ආසාදන හයිලොන්ජියැං හි හාර්බින් සහ මුදන්ජියැං නගරවල නැවත ඇති වී තිබේ. මෙම ආසාදන රෝහල් කිහිපයකට ද බලපා ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සැලකිය යුතු පිරිසකට ආසාදනය විය.
අප්‍රේල් මාසයේදී චීනය තුළ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ ආසාදිතයන්ගේ ගණන 131 ක් විය.
ඉන් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් හයිලොංජියැන්ග් හි පොකුරු ආසාදන හේතුවෙන් ඇති වූ බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් පවසයි
Reply To:
Name - Reply Comment
0 Comments