හෙන්රි ප්‍රේද්‍රස් ක්‍රීඩාංගණය ඉසිපතන විදුහලට
- 2016-10-31 18:00:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ, හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනය, හෙට (01දා) සිට ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සඳහා ලබාදීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේදී අද (31චදා) පැවති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා සඳහන් කරයි.
ඒ අනුව මෙතෙක් කොළඹ මහ නගර සභාව යටතේ පැවති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගනයේ පරිපාලනය, නඩත්තුව සහ සංවර්ධන කටයුතු, ඉදිරියේදි මහ නගර සභාව සහ ඉසිපතන විද්‍යාලය අතර ඇතිකරගන්නා අවබෝධතා ගිවිසුමක් මඟින්, දෙපාර්ශවය විසින් ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments