හෙන්රි ප්‍රේද්‍රිස් පිටිය ඉසිපතනයට පවරයි
- 2016-11-24 13:27:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ මහනගර සභාව යටතේ පැවැති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය, අද (24දා) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදී ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු සඳහා නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, ෆයිසර් මුස්තෆා, දයාසිරි ජයසේකර හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු එක්ව සිටියහ.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණය ඉසිපතන විද්‍යාලයට ලබාදීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා කටයුතු කළේ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආදි ශිෂ්‍ය සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුවය.
මෙතෙක් කොළඹ මහනගර සභාව යටතේ පැවැති හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩාංගණයේ පරිපාලනය, නඩත්තුව සහ සංවර්ධන කටයුතු, මහනගර සභාව සහ ඉසිපතන විද්‍යාලය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමක් මගින්, දෙපාර්ශ්වය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments