ළමා ආරක්ෂාවට පාසල් වැඩසටහනක්
- 2017-05-22 14:05:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම අවස්ථාව සඳහා “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසල් 25ක මාධ්‍ය ඒකකයන් හී සිසු සිසුවියන් හා ගුරුභවතුන් සහභාගී වූහ.
මෙම වැඩමුළුව තුළදී ළමා අපයෝජනයන්ගෙන් ආරක්ෂාවීම පිළිබඳව පාසල් මාධ්‍ය ඒකක සාමාජිකයන් දැනුවත් කෙරෙන අතර, ඒ සඳහා ජනමාධ්‍ය භාවිත කළ හැකි අන්දම පිළිබඳවද විශේෂ දැනුවත්භාවයක් ලබාදීමට නියමිතය.
විශේෂයෙන් මෙහිදී ළමා ආරක්ෂාව විෂයට අදාළව පාසල් මාධ්‍ය ඒකක මඟින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රවෘත්ති වැඩසටහන්, සම්මුඛ සාකච්ඡාමය වැඩසටහන් හා වාර්තා වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව හා මුද්‍රිත මාධ්‍ය භාවිතය පිළිබඳව සුවිශේෂී පුහුණුවක් ලබාදීමද සිදු කරයි.
ළමා අපයෝජන වලින් ආරක්ෂාවීම පිළිබඳව ළමුන් දැනුවත් විය යුතු තොරතුරු පාසල් මාධ්‍ය ඒකක හරහා පාසල් ගත කිරීම මෙම විශේෂ වැඩසටහනේ මූලික අරමුණයි. වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනවලින් ලබාදීම සිදු කරයි.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments