Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශයේ ඉල්ලිමකට අනුව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය සිදුකළ බව එම සමීක්ෂණ වාර්තාව පසුගියදා එළිදක්වමින්  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

2016 වසරේදි මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ගෘහ ඒකක සමීක්ෂණය දියත් කිරීමට දායකත්වය ජාත්‍යන්තර කම්කරු සංවිධානය සපයා ඇත.  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ මාලාවේ තුන්වැන්න මෙයයි. මෙයට පෙර 1999 වර්ෂයේ සහ 2008/09 වර්ෂවලදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දායකත්වය යටතේ සමීක්ෂණ දෙකක් පවත්වා ඇත.

වයස අවුරුදු 5-17 අතර ළමයින්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය, වැඩ කරන ළමයි පිළිබඳ දෙමාපියන්ගේ අදහස්, ජීවත් වන නිවාස හා ගෘහ කාණ්ඩවල ලක්ෂණ 2016 ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණයේදී එක් රැස් කළ තොරතුරුවලට ඇතුලත් වේ. මෙහිදි  ගෘහ ඒකකවල සාමාන්‍ය පදිංචි වයස අවු 5-17 අතර සිටින සියලුම ළමුන්ගේ මෙන්ම ගෘහ කාණ්ඩයෙන් පිටත ජිවත් වන ළමුන්ගේ සමහර තොරතුරු පමණක් එක් රැස් කරන ලදි. මෙම සමීක්ෂණයේ දත්ත රැස් කිරීමේ කටයුතු 2016 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5-17 අතර මුළු ළමුන් සංඛ්‍යාව මිලියන 4.6  ක් ලෙස සමීක්ෂණයෙන් ඇස්තමේන්තු කර ඇත. සමික්ෂණය සිදු කළ කාල සීමාව තුළදී පාසැල් යන ළමුන්ගේ ඇස්තමේන්තුගත ප්‍රතිශතය 90.1% කි. පාසල් නොයන ළමුන් අතරින් වැඩි දෙනෙක් එනම්. 84.2% ක්  වයස අවුරුදු 15-17 ත් අතර  ළමුන් වන අතර ඔවුන්ගෙන් හරි අඩක් පමණ අ.පො. ස. (සා. පෙළ) ප්‍රතිඵල බලාපෙරොත්තුවෙන් සිටි. කුඩා ප්‍රතිශතයක් එනම් 6.8% ක් ජනවාරි මස වන විට වයස අවුරුදු 5 සම්පූර්ණ වි නොමැති නිසා පාසලට ඇතුලත් වී නොමැත. 
වයස අවුරුදු 5-17 අතර ළමුන්ගෙන් කිසියම් ආර්ථික ක්‍රියාකාරකමක යෙදි සිටින (වැඩ කරන) ළමුන්ගේ ප්‍රතිශතය 2.3% ක් පමණවේ. මෙම අගය 2008/09 සමීක්ෂණයේදී වාර්තාවු ප්‍රතිශතය වන 12.9% සිට ප්‍රතිශත ලක්ෂ්‍ය 10.6 ක අඩු වීමකි. ළමා ශ්‍රමිකයන් සහ අන්තරායකාරී ක්‍රියාවල නියුතු ළමා ශ්‍රමිකයන් යනු  වැඩ කරන ළමුන්ගේ  උප කාණ්ඩ වන අතර ඒවායෙහි අර්ථ දැක්විම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිර්දේශ සහ කම්කරු නීති සලකා බැලිමෙන් සිදු කර ඇත. ළමා විය ළමුන්ට අහිමි කරවන, නොකඩවා පාසල් යාමට තිබෙන හැකියාව අහිමි වන  සහ මානසික, ශාරිරික, සාමාජීය හෝ සදාචාරාත්මකව අන්තරායකාරි සහ හිංසාකාරි  වන වැඩවල නියැලෙන රැකියාවක යෙදි සිටින ළමයින් ළමා ශ්‍රමිකයන් ලෙස ගැනේ. ශ්‍රී ලංකාවේ මුළු ළමා ජනගහනයෙන් ළමා ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය 1% ක් පමණ වන අතර අන්තරායකාරී ක්‍රියාවල නියුතු ළමා ශ්‍රමිකයන්ගේ ප්‍රතිශතය 0.9% ක් තරම් වූ ඉතා අඩු අගයක් ගනී.
වැඩකරන ළමයින්, ළමා ශ්‍රමිකයන්, අන්තරායකාරී රැකියාවල නිරත ළමා ශ්‍රමිකයන්, වැඩ කරන ළමයින්ගේ සෞඛ්‍ය තත්ත්වයන් සහ ඔවුන් පිළිබඳ දෙමාපියන්ගේ අවබෝධය සහ අදහස් සහ ළමයින්ගේ ජිවන තත්ත්වයන් සම්බන්ධව වෙනත් වැඩි දුර සංඛ්‍යාතීන් ආදිය මෙම වාර්තාවේ ඇතුලත් වන අතර ඒවා ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට, පර්යේෂකයින්ට සහ විශේෂයෙන් ළමුන්ගේ සුබ සාධනය සඳහා ඇප කැප වන්නන්ට ඉතා වැදගත් වේ.

සමීක්ෂණයේ සියලුම තොරතුරු ඇතුලත් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුව, www.statistics.gov.lk මගින් ප්‍රසිද්ධ කර ඇත.

වාර්තාව එළිදැක්විමේ උත්සවයට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. අයි. එම්. රාෆීක් මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජිනීවා හී පර්යේෂණ හා ඇගයීම් අංශ ප්‍රධානී අස්ෆර් කාහන් මහතා ඇතුළු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිලධාරීන්, රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ළමා සුබ සාධනය සඳහා වන රාජ්‍ය නොවන  සංවිධාන සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරිහු සහභාගි වූහ.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.