Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙම වසරේ ජූනි මස 12 වැනිදාට යෙදෙන ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යයන්තර  දිනය නිමිති කර ගනිමින් සමස්තලංකා මට්ටමින් පෝස්ටර් තරගයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇති බව එහි සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

ඒ සඳහා වයස අවුරුදු 14 ‐ 18 අතර වූ පාසල් සිසු සිසුවියන්ට ආරාධනා කෙරේ. ඊට අයත් නිර්නායක පහත පරිදි වේ.

වයස අවුරුදු 14‐16 වයස් කාණ්ඩය යටතේ   "ගැටුම් හා ආපදාවන්හි ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු." යන තේමාව යටතේද  වයස අවුරුදු 17‐18 වයස් කාණ්ඩය යටතේ  "ගැටුම් හා ආපදාවන්හි ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු. " යන තේමා යටතේ ද පෝස්ටර් A3 ප්‍රමාණයෙන් ඉදිරිපත් කළ යුතුය.

මෙම නිර්මාණ  ඕනෑම මාධ්‍යක් ඔස්සේ ඉදිරිපත් කළ හැක (පැස්ටල්, දියසායම් වැනි)

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2017 මැයි මස 31 වන අතර, ඒවා ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරදීම සිදුකළ යුතුය.

නිර්මාණය සමඟ තරගකරුවාගේ නම, ලිපිනය, උපන් දිනය, නිවසේ හෝ භාරකරුවෙකුගේ දුරකථන අංකය සහ අධ්‍යාපනය ලබන පාසල ද සඳහන් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද කෙටි අයදුම් පත්‍රයක්ද එවිය යුතු අතර, එය පාසලේ විදුහල්පති ලවා නිර්දේශ කර ගත යුතුය.

ඉදිරිපත් කරනු ලබන පෝසටර් නිර්මාණය තරගකරුගේම/තරගකාරියගේම නිර්මාණයක් බවට පාසලේ විදුහල්පති ලවා සහතික කරගත යුතුය. නිර්මාණය බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ වයස් කාණ්ඩය හා දිස්ත්‍රික්කය සඳහන් කළ යුතුය.

එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි. අදියර දෙකකින් ජයග්‍රහකයින් තෝරනු ලැබේ. ඒ දිස්ත්‍රික් හා සමස්ත ලංකා වශයෙනි. තරගය සම්බන්ධව විනිශ්චය මණ්ඩලය ගනු ලබන තීරණය අවසාන තීරණය වන අතර අදාළ කොන්දේසි සම්පූර්ණ නොකරන අයදුම්කරුවන් තරගයෙන් ඉවත් කෙරේ. සමස්ත ලංකා ජයග්‍රාහකයින්ට පදක්කම්, ත්‍යාග හා සහතික පත් පිරිනැමෙන අතර, දිස්ත්‍රික් ජයග්‍රාහකයන්ටද සහතිකපත් පිරිනැමේ. මෙම තරඟයට ඉදිරිපත් කරනු ලබන තෝරාගත් පොස්ටර් නිර්මාණ භාවිත කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2018 වර්ෂය සඳහා වන දින දර්ශනය සැකසීමටද අපේක්ෂා කෙරේ. ජයග්‍රාහී පෝස්ටර් භාවිත කරමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමටද අපේක්ෂා කෙරේ.

තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා : 011‐2778911‐14

නිර්මාණ එවිය යුතු ලිපිනය: සභාපති,ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නො. 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.