ෆේස්බුක් නිර්මාතෘ සමාව ඉල්ලයි
- 2018-03-22 15:04:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත වෙනත් පාර්ශ්වයක් විසින් භාවිත කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් සමාව අයදින බව ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් සඳහන් කරයි. සී.එන්.එන්. පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ මේ ඇතිවූ දේ පිළිබඳව මම සමාව ඉල්ලා සිටිනවා” යැයි සකර්බර්ග් පවසයි.
කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය ෆේස්බුක් ගිණුම් පරිශීලනය කරන පුද්ගලයන්ගේ ගිණුම් මිලියන 50ක පමණ දත්ත ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ලබාගෙන ඇති බවට මීට දින කිහිපයකට පෙරාතුව ප්‍රවෘත්ති පළ විය.
ෆෙස්බුක් සමාගම විසින් එම දත්ත මකා දමන ලෙස සඳහන් කළත් අනලිටිකා සමාගම එම දත්ත මකා නොදමා ඇති බවටත් එම ප්‍රවෘත්ති වල සඳහන් විය. එම සමාගම 2016 වසරේ ඇමෙරිකානු ජනපතිවරණයේදී වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සම්බන්ධ වූ සමාගමක් බවද පැවැසෙයි.
බදාදා දිනයේදී සකර්බග් සිය ෆෙස්බුක් පිටුවෙන්ද මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් පැවැසුවේ එවැනි තත්ත්වයක් නැවත ඇතිනොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
“ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට අපිට වගකීමක් තිබෙනවා. එය අපිට බැරිනම් ඔබට සේවය කිරිමට අපි සුදුසු නෑ” යැයි සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රකාශ කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments