Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

IMG_0138

මෙවර 13 වන ජාතික පරිසර නියමු කඳවුර 2017 අගෝස්තු මස 23,24,25 සහ 26 යන දිනයන්හි නුවරඑළිය,කොටගල ප්‍රදේශයේ පිහිටි පතන, ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සඳහා පරිසර නියමු වැඩසටහන තුළ ක්‍රියාකාරින් බවට පත්වෙමින් ඉහළ කුසලතා දැක්වූ පරිසර නියමුවන් 250ක් සමඟ වැඩසටහනේ ක්‍රියාකාරින් ඇතුළු 350ක් පමණ සහභාගී විමට නියමිතය.

මෙම ජාතික උත්සවයේ සමාරම්භක උළෙල අගෝස්තු මස 24 වන දින පෙරවරු 8.00ට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය ගරු සරත් ඒකනායක මැතිතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු නිලූකා ඒකනායක මැතිණිය, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු නීතීඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර  අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය ප්‍රධාන පරිපාලන නිලධාරින් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ  සහ පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි ජයසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

මෙම ජාතික උත්සවයේ සමාරම්භක උළෙල අගෝස්තු මස 24 වන දින පස්වරු 2.00ට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය ගරු සරත් ඒකනායක මැතිතුමන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු නිලූකා ඒකනායක මැතිණිය, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු නීතීඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර  අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය ප්‍රධාන පරිපාලන නිලධාරින් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි, අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ  සහ පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි ජයසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

පරිසරය අප රකියි - රකිමු අපි පරිසරය තේමාව යටතේ ජාතික පරිසර නියමු වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය පාරිසරික උරුමය සුරැකීමට පියනගන පරිසර නියමුවකු පරිසර ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙමින් පදක්කම් 05ක් ලබාගැනීම දක්වා ක්‍රියාවලියක ගමන් කළ යුතුය. එහිදී විශේෂ දක්ෂතා දැක්වූ පාසල් 50ක පරිසර නියමුවන් 250ක් පමණ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධ ප්‍රදේශවලින් මේ සඳහා සහභාගී වේ. සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් පරිසර සුරැකුම යන පොදු අරමුණ වෙනුවෙන් කඳවුරු බඳින සුවිශේෂි පාරිසරික ක්‍රියාකාරකමක් ලෙස මෙම තෙදින කඳවුර හැඳින්විය හැකිය.

1998 වර්ෂයේදී රන්දෙණිගල වනජිවී පුහුණු මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලද පරිසර නියමු කඳවුරු වැඩසටහන මෙවර පැවැත්වනුයේ 13 වන වරටය. පරිසර නියමුවන් පාසලේදී පරිසරය පිළිබඳව ලබන න්‍යායික දැනුම දින 04ක් පුරා ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව ලැබෙන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත.

විශේෂාංග රැසකින් යුතු මෙවර ජාතික පරිසර නියමු කඳවුර තුළ පදක්කම් හා සහතිකපත් ප්‍රදානයට අමතරව  ප්‍රායෝගික හා න්‍යායික පාරිසරික දැනුම බෙදාදීම සඳහා විවිධ විශේෂාංග අන්තර්ගත කර ඇත.

-------------------------------------------------------------------------------------------------------------------------------------------

අනාගත ශ්‍රී ලාංකේය පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කිරීමේ උදාර පරමාර්ථයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පුළුල් පරිසර ජාලය පරිසර නියමු වැඩසටහනයි. 1984 දී කොළඹ මාළිගාවත්ත නව නගරය කේන්ද්‍ර කරගනිමින් සිසුන් 25 දෙනෙකුගේ කුඩා කණ්ඩායමකින් ඇරඹි මෙම වැඩසටහන අද වන විට දිවයින පුරා බොහෝ පාසල්වල ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත්ව ඇත.

--------------------------------------------------------------------------------------------------------------------------------------------

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.