1991දී වහන්න තිබූ පාසලෙන් මෙවර ශිෂ්‍යත්වය සමත් සිසුන් හතරක්
- 2023-11-29 16:00:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් වසර 79 කට පසුව බියගම ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සිසුහු හතර දෙනෙක් සමත් වී සිටිති.
මේ විද්‍යාලයේ සදරු දෙනුවන් ශිෂ්‍යයා ලකුණු 175 ක්ද පුසාද් දෙනුවන් ශිෂ්‍යයා ලකුණු 169 ක්ද කවිෂා මල්ශානි ශිෂ්‍යාව ලකුණු 163 ක් ද විශේෂ අවශ්‍යතා සිසුවෙකු වන තරුෂිත නිම්සර ශිෂ්‍යයා ලකුණු 78 ක් ද ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් ලබා දී ඇත.
මෙහිදි ශිෂ්‍යත්වය සමත් සදරු දෙනුවන් විද්‍යාලයේ පුධාන ශිෂ්‍ය නායකයා හා කවිෂා මල්ශානි ශිෂ්‍යාව පුධාන ශිෂ්‍ය නායිකාව වන අතර පුසාද් දෙනුවන් උප පුධාන ශිෂ්‍ය නායකයෙක් ද වේ.
විශේෂ අවශ්‍යතා ඈති සිසුන්ගේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 70 ක් වූවත් තරුෂිත නිම්සර ශිෂ්‍යයා ලකුණු 78 ක් ලබා තිබු අතර ඔහු ඇස් අන්ධ වීම නිසා බේල් ක්‍රමයට අධ්‍යාපනය හදාරන්නේය.
1991 ජනවාරි මාසය වනවිට මේ විද්‍යාලය වැසීයාමේ අවදානමට පත්ව තිබු අවස්ථාවක විද්‍යාලයට අලුතින් පත්වී පැමිණි වත්මන් විදුහල්පති අතුල එස්. කොරතොට මහතාගේ විශිෂ්ට කළමනාකාරිත්වය යටතේ විද්‍යාලයට නව ජීවයක් ලබා දීම නිසා මේ විශීෂ්ට පුතිඵලය ලබා ගැනීමට හැකි වු බව මවුපියෝ සදහන් කරති.
මේ වනවිට මේ විද්‍යාලයේ සිසුහු 148 ක් අධ්‍යාපනය හදාරති. ශිෂ්‍යත්වය සමත් සිසු දරුවන් හතර දෙනා විදුහල්පති අතුල එස්.කොරතොට මහතා හා පන්ති භාර ගුරු මහත්මීහු සමග මෙහි වෙති.
Reply To:
Name - Reply Comment
0 Comments