2018දී සිට වසර 13ක අධ්‍යාපනය අනිවාර්යයි
- 2016-11-15 21:13:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසරේ සිට වසර 13ක අධ්‍යාපනය අනිවාර්යය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය . අද (15දා) කොළඹ 12, අල් හුසේන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
"සියලුම දෙනාට අප දැන් වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව තමා ඉදිරියට යන්නේ කුමන මාර්ගයක දැයි තීරණය කළ යුතුයි. ක්‍රිකට් ගහන්න දක්‍ෂ නම්, ක්‍රිකට් ක්‍රීඩාවට දක්‍ෂ නම් ඒ පාසලෙන්ම ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට අවස්ථාව සලසනවා. 2018 වසරෙන් පසුව සියලු දෙනාටම වසර 13ක අධ්‍යාපනය ලබා දෙනවා.
පාසල් හොඳද නැද්ද කියා බලන්නට අපට ක්‍රමවේදයක් නැහැ. එම නිසා සෑම විදුහලකම ප්‍රතිඵල විමසීම සඳහා පෙර තිබූ අයුරින් පාසල් පරීක්‍ෂණ සේවයක් ආරම්භ කරනවා. පළාත් සභා මෙන්ම ජාතික මට්ටමේ පාසල්වලද එම ක්‍රමය ක්‍රියාත්මක වනවා. හොඳ ප්‍රතිඵල පෙන්නුවේ නැතිනම් විදුහල්පති මෙන්ම ගුරුවරුද ඊට වගකිව යුතුයි. පාසල් මණ්ඩලවලදී දෙමවුපියන්ට මෙන්ම ආදි ශිෂ්‍යයන්ටද ඊට එක් විය හැකියි.
හැම ගුරුවරයෙකුටම අප විශේෂ පුහුණුවක් ලබාදෙනවා. 2020 වසරෙන් පසුව නුපුහුණු ගුරුවරුන් නැහැ. උපාධියක් නැති නම් සෑම ගුරුවරයෙකුටම ඩිප්ලෝමාවක්, පුහුණුවක් ලබාදෙනවා. 2020 වසර වනවිට ඇති වෙන ඇබෑර්තු පිරවීම සඳහා තවත් ගුරුවරු 48,000ක් අවශ්‍යයි. එම පිරිස කඩිනමින් බඳවාගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් අරඹනවා. එමෙන්ම විද්‍යා, විද්‍යා නොවන යනුවෙන් පාසල් බෙදන්නට කටයුතු කරන්නෙ නැහැ. “ යනුවෙන් වැඩිදුරටත් පැවසීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments