2022 භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යයි
- 2022-10-06 13:44:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
භෞතික විද්‍යාව සඳහා වන මෙවර නොබෙල් ත්‍යාගය ඇලේයින් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සෙයිලින්ගර් යන විද්‍යාඥයන් තිදෙනා අතර බෙදී යන බව රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය නිවේදනය කර සිටියි. මෙම විද්‍යාඥයන් විසින් ක්වන්ටම් යාන්ත්‍රණය අධ්‍යායනය සඳහා සිදුකළ දායකත්වය වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය පිරිනමන බව එම ඇකඩමිය සඳහන් කර සිටියි.
එකිනෙක හා බැඳුනු ෆෝටෝන පිළිබඳ පර්යේෂණය, ක්වන්ටම් යාන්ත්‍රණය හා එකඟ නොවන Violation of Bell’s inequality අදහසක් ඉදිරිපත් කිරීම හා ක්වන්ටම් තොරතුරු විද්‍යාව පිළිබඳ ප්‍රවීණත්වය යන කාරණා මූලික කරගනිමින් මෙම විද්‍යාඥයන් තිදෙනා හට මෙවර භෞතිකවිද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.
මේ අතරින් ඇලෙයින් ඇස්පෙක්ට් 1947 වසරේ ප්‍රංශයේදී උපත ලබා ඇති අතර, ඔහු පැරිස්-සැක්ලේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. 80 හැවිරිදි වියේ පසුවන ජෝන් එෆ්. ක්ලෝසර් එක්සත් ජනපද ජාතික භෞතික විද්‍යාඥයෙකි. 77 හැවිරිදි වියේ පසුවන සෙයිලින්ගර් වියෙනා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි.
මෙහිදී තිදෙනා අතර නොබෙල් ත්‍යාගයට හිමි එක්සත් ජනපද ඩොලර් 901,500ක මුදල සම සමව බෙදී යන බව නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කර තිබේ. ලබන දෙසැම්බර් 10 වැනිදා ස්ටොක්හෝම් නුවරදී පැවැත්වෙන උත්සවයකදී ඔවුන් ඇතුළුව අනෙකුත් නොබෙල් ත්‍යාගලාභීන්ට ත්‍යාග පිරිනැමේ.
Reply To:
Name - Reply Comment
0 Comments