2024 පාසල් වාරයේ පළමු අදියර 19දා සිට ඇරඹෙයි
- 2024-02-04 12:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජයේ හා රජය අනුමත සියලු සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල 2023 පාසල් වර්ෂයේ තෙවන වාරයේ දෙවන අදියර හෙට (5)සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඉකුත් පළමුවෙනිදා මෙම අදියර ආරම්භ කිරීමට නියමිතව තිබුණද විභාගයට පෙර පිටවීම නිසා අවලංගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක එදින යළි පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබූ හෙයින් එය 5 දා දක්වා කල් දැමීමට සිදුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
5 දා ආරම්භ කෙරෙන මෙම දෙවන අදියර සියලු පාසල්වල පෙබරවාරි 16 දායින් අවසන් වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය .
එමෙන්ම සියලු පාසල්වල 2024 පාසල් වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර පෙබරවාරි 19 දින සිට ආරම්භවන අතර එය සිංහල හා දෙමළ පාසල්වල අප්‍රේල් 10 දක්වාත් මුස්ලිම් පාසල්වල මාර්තු 7 දක්වාත් පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments