Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා 6වන ශ්‍රේණිය සිට ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රතිසංස්කරණයේ දී විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය කරමින් එම පුහුණු විධිමත් කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ගුරුවරු නිර්මාණය කිරීමටද කටයුතු කරන බවත් වර්තමානයේදී පවතිනුයේ සැළලිහිණි සංදේශය පැවති සමය දක්වා දිවෙන ශත වර්ෂ ගණනාවකට එහා දිවෙන ගුරු පුහුණුවක් බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ ' පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ' මැයෙන් අද (23දා) අනුරාධපුර ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සුහද හමුවේදීය.මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කාන්තා සංවිධාන නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

පසුගිය රජයන් සමයේ අතරමග නතර කළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරමින් පාසල්වල දරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරන බවත් දරුවන් පාසල් අතහැර යාමේ ප්‍රතිශතය අඩු කිරීම සඳහා ආර්ථික අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් අස්වැසුම වැඩසටහන මගින් දරුවන්ට දීමනාවක් ලබා දීමටද වත්මන් රජය කටයුතු කර ඇති අතර වයස අවුරුදු 13 ට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබා දීමටද කටයුතු කරන බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පාසල් පද්ධතියට පමණක් නොව උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන ක්‍රමය තුළ පිරිමි දරුවන් රැඳෙන තත්ත්වයේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බැවින් නව විෂයන් එක්කරමින් සියලුම දරුවන් අධ්‍යාපනයෙහි රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය, සමාජ අනාරක්ෂිත බව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා මත්ද්‍රව්‍ය වලට පවතින ඇබ්බැහිය අවසන් කිරීමේ අරමුණින් පාසැල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

එමෙන්ම සියලුම පුරවැසියන් තුළ සෞන්දර්යාත්මක හැඟීම් ඇති කිරීමසඳහා කටයුතු කිරීමටත් සෞන්දර්යාත්මක වෘත්තිකයන් නිර්මාණය කිරීමට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරමින් කන්නන්ගර මැතිතුමන් සිදු කළ අධ්‍යාපන වෙනස්කම මෙන් නව අධ්‍යාපන වෙනස්කම් සිදු කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ සහයෙන් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉහළ නැංවීමට කටයුතු කළා සේම ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් බිලියන 619 ක් වෙන් කරමින් ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මෙවර අයවැයෙන් සිදුකළ බවත් කී අග්‍රාමාත්‍යවරිය, එමගින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට වත්මන් ආණ්ඩුව 2026 දී සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වන ආරම්භක ප්‍රතිසංස්කරණ මෙම වසරේදි ආරම්භ කරන බවද කීවාය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියන් විසිදෙනෙකු ඇතුළුව මන්ත්‍රීවරියන් විසි දෙදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා ජනතාව කටයුතු කර ඇති බවත් කාන්තා නියෝජනය තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවලදී ද රටේ පාලන බලය ශක්තිමත් කරමින් කාන්තා නියෝජනය වැඩි කිරීමට කටයුතු කරන ලෙස සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

වත්මන් රජය බලයට පත්වන පාර්ලිමේන්තුව තුළ වැඩි වශයෙන් කාන්තා නියෝජනයක් නොතිබූ අතර දේශපාලන පවුල් පසුබිමෙන් බැහැරව කාන්තාවන්ගේ ශක්තිය සහ කැපවීම මත මෙවර පාර්ලිමේන්තුව සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීමට හැකි වූ බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

ජාතික ජන බලවේගයේ මංගල අයවැය මුදල් පරිපාලනය කරන අයවැය පමණක් නොව ආණ්ඩුවේ දිශානතිය පෙන්නුම් කරන රට දියත් කරන අය වැයක් බව පවසන අග්‍රාමාත්‍යවරිය, කාන්තාවන් අමතා තව දුරටත් කියා සිටියේ රටෙත් සමාජයේත් හැරවුම් ලක්ෂය නිර්මාණය කරන සියලු පුරවැසියන්ට ගරු කරන අයවැයක් බවයි.

අනුරාධපුර චතුරංග

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.