6 – 11 ජාතික පාසල් ගුරුවරු 5473 කට මාර්තු අගදී ස්ථාන මාරු
- 2018-03-12 17:14:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වසර 10 කට වඩා වැඩි කාලයක් එකම ජාතික පාසලක සේවය කළ 6 -11 ශ්‍රේණිවල ගුරුවරුන් 5473 දෙනෙකුට මෙම මාස අගදී වෙනත් පාසල් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අදියර 3 ක් යටතේ මෙම ජාතික පාසල් ගුරුමාරු වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර, එහි මුල් අදියර පසුගිය වසරේ අග භාගයේ දී ක්‍රියාත්මක විය. එහිදී උසස් පෙළ ගුරුවරුන් 2590 දෙනෙකු වෙනත් ජාතික පාසල්වලට මාරු කිරීමට අමාත්‍යාංශය කටයුතු කෙරිණ.
දෙවැනි අදියර මේ වසර ආරම්භයේ දී ක්‍රියාවට නැංවුණු අතර එහිදී 1 – 5 ශ්‍රේණි අතර අධ්‍යයන කටයුතු සිදු කරන එකම ජාතික පාසලක වසර 10 කට වැඩි සේවා කාලයක් සපුරන ලද ගුරුවරුන් 1441 ක් අතරින් 760 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අදාළ ගුරුමාරු වැඩසටහනේ තෙවැනි අදියර යටතේ මෙම මස අගදී 6 – 11 ශ්‍රේණි අතර ගුරුවරුන් සඳහා වන ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
රුවන් කාශ්‍යප
Reply To:
Name - Reply Comment
0 Comments