Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අද වනවිට ලෝකයේ පවතින බොහෝ වෘත්තීන් ඉදිරි වසර කිහිපය තුළ දැකිය නොහැකිවන බවත්, ගෝලීය ආර්ථික අවශ්‍යතා අනුව වෙනස්වන නවීන වෘත්තීය අවස්ථා වෙත දරුවන් යොමු කළ යුත්තේ නිවැරදි වෘත්තීය මගපෙන්වීම් ලබාදෙමින් බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර උසස් පෙළ අවසන් කළ සියලු‍ සිසුදරුවන් වෙත ලබාදී ඇති වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන අර්ථවත් පිටුබලයක් සලසනු ඇති බවත්, විභාගය අවසන් කළ දරුවන් ප්‍රතිඵල එනතුරු නිවසේ රඳවා නොගෙන එම වැඩසටහන සමග සම්බන්ධ කරවීම දෙමව්පියන්ගේ වගකීමක් වන බවත් අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, දිවයින පුරා උසස් පෙළට පෙනී සිටි සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශනය, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ කුසලතා ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම නිමිත්තෙන් මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ජාතික වැඩසටහනට එක්වෙමිනි.

මාර්ගෝපදේශනය අපේ රටේ මෙතෙක් පාසල් මට්ටමින් නොතිබුණු බවත්, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 337,000ක් අතරින් මේ වනවිට අයදුම්කර ඇති සිසුන් සඳහා මධ්‍යස්ථාන 300කට ආසන්න ප්‍රමාණයක දිවයින පුරා පළාත් 09 ම ආවරණය වන පරිදි සිංහල සහ දෙමළ ද්විමාධ්‍යයෙන් ම මෙම පාඨමාලාව පැවැත්වෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
 

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් 6 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට පාසලේ දී වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදෙන බවත්,  අනාගතයේ දී දරුවන් ‍යා යුතු දිශාව සාමාන්‍ය පෙළ මට්ටමේ දී ම ඒ අනුව හදුනාගත හැකිවන බවත් තමන් සතු හැකියාවන් සමග ඉදිරියේ දී තෝරාගත යුතු විෂය ධාරාව,  ලබාගත යුතු වෘත්තීය පුහුණුව  ආදී සියලු‍ කරුණු පිළිබද දරුවන් තුළ පැහැදිලි අවබෝධයක් ඒ අනුව ඇති කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින නිපුනතා සංවර්ධන නිලධාරී මගින් තොරතුරු ලබාගෙන ‍තවමත් මේ සදහා සම්බන්ධ විය හැකි බවත් අ.පො ස උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන සියලු‍ පාසල්වල විදුහල්පතිවරුන් ද මේ සම්බන්ධ ව දැනුවත් කර ඇති බව ද කිසිම මුදලක්  සිසුන්ගෙන් අය නොකරන බවත් මේ වැඩසටහනෙන් පසු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්  සදහා ද මේ පාඨමාලාව හදුන්වාදීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

අපේ රටේ පාසල්වල  ප්‍රාථමික ශ්‍රේණිවලින් ඇදහැලෙන සිසුන් ඉතා සීමිත බවත්, සිසුන්ගෙන් 99%ක් ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරන බවත් එහෙත් සාමාන්‍ය පෙළ මට්ටම‍ට ළගා වනවිට 9%ත්-12%ත් අතර මට්ටමින් සිසුන් පාසල් හැරයන බවත් විවිධ හේතූන් මත මෙසේ පාසල් හැරයාම සිදුවන බවත් මේ පාඨමාලාව මගින් එසේ පාසල් හැරයන සිසුන් නතර කරලීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පුහුණු පාඨමාලාව සම්ප්‍රදායික පාඨමාලාවලට වඩා වෙනස් ලෙස නවීකරණය කර ඇති බවත් ඉදිරියේ දී තවදුරටත් විෂයමාලාවෙහි අවශ්‍ය යාවත්කාලීනකිරීම් සිදු කරන බවත් ජාතික අධ්‍යාපන ආයතනය සහ නිපුනතා අංශ ඒ සදහා මැදිහත්වන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.  

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.