9 වසරේ අකිල සාපෙළ ලියලා ඒ සාමාර්ථ 9ක් අරගෙන
- 2023-12-03 16:09:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී විෂයයන් නවයටම A සාමාර්ථයන් ලබාගෙන ඇත.
මෙලෙස A සාමාර්ථ නවයක් ලබාගෙන ඇත්තේ තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම් අකිල ජයලංකා විජේතුංග නැමති ශිෂ්‍යයායි.
අකිලට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත්වීමට තිබුණේ 2024 වර්ෂයේදීය. එසේ තිබියදී විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍යපෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.
අකිලගේ පියා වන ඩබ්ලිව්.ආර්.එම් සරත් විජේතුංග යුදහමුදා සෙබලෙකු වන අතර මව වන නිලන්තී මංගලිකා සමරසිංහ ගෘහණියකි.ඔහුට වැඩිමහල් සහෝදරයෙක් පමණක් සිටී.
අකිලගේ අනාගත බලාපොරොත්තුව ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරා වෛද්‍යවරයෙකුවී තණමල්විල වැනි දුෂ්කර ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට සේවයකිරීමයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
Reply To:
Name - Reply Comment
0 Comments