Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

cimaගිණුම්කරණ වෘත්තියේ නියැලී සිටින පිරිසේ පුළුල් පරාසයක් පහසුවෙන් නියෝජනය කිරීම සඳහා කළමනාකරණ ගණකාධිරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ අමෙරිකාවේ සහතික ලත් මහජන ගණකාධිරීවරුන්ගේ ආයතනය (American Institute of CPAs - AICPA) එක්ව නව සංගමයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පවසයි.

මෙම නව සංගමය පිහිටුවා ගැනීමේ තීරණයට එළැඹී ඇත්තේ එම ආයතන දෙකෙහිම සාමාජික මණ්ඩල ඡන්ද විමසීමකින් අනතුරුවය. ජූනි මස 16 වැනි දින අවසන් වූ  ඡන්ද විමසීමේදී CIMA සාමාජිකයන් 89.7% ක් යෝජනාව අනුමත කරමින් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, AICPA සාමාජිකයන් 86.5%යෝජනාවට එකඟව ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, නව සංගමයක් පිහිටුවීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කළ බවත්, 2017 වසරේදී නව සංගමය දියත් කිරීමට සැලසුම් කර ඇති බවත් ඔවුන් පවසයි. මෙහිදී CIMA සහ AICPA සාමාජිකයින්ට සිය ආයතනයන්හි සාමාජිකත්වය එලෙසින්ම තබාගනිමින් නව සංගමයේ අමතර සාමාජිකත්වයක් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් පෙන්වා දෙයි.

දැනට ගිණුම්කරණ වෘත්තියේ නියැලී සිටින 600,000 ක් පිරිස සහ අනාගතයේදී ගිණුම්කරණ වෘත්තියේ නියැලීමට සිටින වෘත්තිකයන්ද නියෝජනය කරමින් ලොව බලවත්ම වෘත්තීය ගිණුම්කරණ ආයතනය බවට පත්වීම මෙම සංගමයේ අපේක්ෂාව වී තිබේ. ආයතන දෙකෙහිම ව්‍යවස්ථා ව්‍යුහය නොවෙනස්ව පවත්වා ගනිමින් ආයතන දෙකම පරිපූර්ණත්වයට පත්කිරීම පමණක් මෙම නව සංගමය මගින් සිදුකරනු ලබන බැවින්, CIMA ආයතනයට පෙර පරිද්දෙන්ම, එහෙත් නව ජවයකින් යුතුව සිය ව්‍යුහය සහ රාජකීය වරපත (Royal Charter) පවත්වා ගෙනයමින්  සිය කළමනාකරණ ගණකාධිරීකරණ විෂයය පථය කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද පවසා සිටියි.(ada.lk)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.