එක පැළයක් සිටවන්න - ජනපති ඉල්ලයි
- 2016-10-21 19:25:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔක්තෝබර් රුක් රෝපණ මාසයේදී රටේ සියලු දෙනාගෙන්ම එක් පැළයක් සිටුවන ලෙස ඉල්ලා සිටින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ත්‍රිකුණාමලයේදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව අද (21දා) පැවැසීය.
“ඔක්තෝබර් මාසය පරිසරයට ඉතා වැදගත් මාසයක්. රුක්රෝපණ මාසය ලෙසයි එය නම් කර තිබෙන්නේ. ලබන 24 වෙනි සඳුදා සිට පරිසර සතියක් ක්‍රියාත්මක වෙනවා. ලබන 24 වෙනිදා සිට ආරම්භ වන සතිය පොලිතීන්, ප්ලාස්ටික් හා තක්ෂණික උපකරණවලට භාවිත කරන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කළමනාකරණය කිරීමේ පරිසර සතියක්. මේ වැදගත් කාර්යයේදී පාසල් දරුවන් මෙහි සිටීම පිළිබඳ මා ඉතාමත් සතුටට පත්වෙනවා.
සංවර්ධිත රටවල ජනතාවට පිරිසුදු වාතය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. අපේ රටේ මේ සිදුවන පරිසර විනාශය දිගටම සිදුවුවහොත් පාසල් දරුවන් ඇතුළු මේ රටේ සමස්ත ජනතාවට ජීවත්වීමේ බරපතළ අභියෝගයක් ඇතිවෙනවා. ඒ නිසා ගහකොළ, ඇළදොළ පරිසර සංරක්ෂණය අපි සැමවිටම ආරක්ෂා කරගත යුතු වෙනවා. ස්වාභාවික සම්පත් විනාශ කරනවා කියන්නේ ජාතියක් විනාශ කිරීමක්.
එවැනි රටවල මිනිසුන්ට ජීවත්වීමට ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් ලෝකයේ රටවල් ගණනාවකටම ඇති වී තිබෙනවා. අපිත් එවැනි තත්ත්වයක් ඇති කරගන්නවාද කියා සෑම කෙනෙකුගේම හදවත්වලින් ඇසිය යුතුයි.
මම පාසල් දරුවන් ඇතුළු මේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ මාසයේ එක් පැළයක් හෝ සිටුවන ලෙස. මේ රටේ සෑම කෙනෙක්ම මේ මාසය තුළ එක් පැළයක් සිටෙව්වොත් පැළ කෝටි දෙකක් සිටවෙනවා. පැළයක් සිටුවනවා කියන කාර්යය ඔබට පහසුවෙන් කළ හැකියි."
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments