Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක දෘෂ්ඨි දිනය (ඔක්තෝබර් 11) දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන හෙට (ඔක්තෝබර් 9) දින සිට 11 දින දක්වා ක්‍රියාත්මක කරයි.

ලෝක දෘෂ්ඨි දිනය සම්බන්ධයෙන් අද (8) ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේ දී මේ බව අනාවරණය විය.

ලෝකයේ මිලියන 285 ක ප්‍රමාණයක් යම්කිසි අක්ෂි ආබාධ තත්ත්වකින් පෙළෙනවා. මෙමගින් 90%ක් ජීවත් වන්නේ අඩු ආදායම් හා මධ්‍යම ආදායම් රටවල බව පැවැසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ද ජනගහනයෙන් 1.7% ක සැළකිය යුතු ප්‍රමාණයක් යම්කිසි අක්ෂි ආබාධ රෝගයකින් හෝ අන්ධ භාවයකින් පෙළෙන බව පැවසී ය.

මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අඳහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා; සෑම තැනම, සෑම වෙලාවකම අක්ෂි සුරක්ෂිතභාවය තිබිය යුතුයි.අන්ධ හෝ අන්ධභාවයට ආසන්න තත්ත්වයකින් පීඩා විදින්නන් ලංකාව පුරා ම පිහිටුවා තිබෙන ප්‍රතිකාර ඒකක මගින් තම අක්ෂි පරීක්ෂාව සිදුකර ගැනීම වැදගත් වෙනවා'' යැයි පැවසී ය.

අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය ද ශ්‍රී ලංකාවේ අක්ෂි රෝග වැළැක්වීම සදහා කටයුතු කරමින් සිටින බව එහි සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලීන් රාජකරුණා ප්‍රකාශ සම්මන්ත්‍රණයේ දී අඳහස් දක්වමින් පැවසී ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.