Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඉදිරියේදී මෙරට ඇති කිරීමට යෝජිත සුහුරු පන්ති කාමර (Smart Class Room) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ධාරාවේ නව ඉගැන්වීම් ක්‍රමවේදයන්ගේ නවීකරණයන් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

දකුණු කොරියාවේ GMOE (Gwagnju Metropolitan Office of Education)  ආයතනයේ දින 15 ක විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගි වී පැමිණි ගුරුවරුන් හා නිලධාරීන් 22 දෙනෙකු සමග අමාත්‍යාංශයේදී පැවැති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඔවුන් විසින් අධ්‍යයනය කරන ලද නව විෂය කරුණු සහ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයා වෙත ලබාදීම මෙහිදී සිදුකෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දකුණු කොරියානු රජය සමග සිදුකළ ද්විපාර්ශ්වීය සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් සඳහා විදේශ පුහුණු අවස්ථා ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළකර තිබේ. මෙම පිරිස දකුණු කොරියාවේ පුහුණු වැඩසටහනක් සඳහා සහභාගී වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසනි.

මෙම පිරිස සමග සුහද පිළිසඳරක නිරත වූ අමාත්‍යවරයා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයන් මෙරට පාසල් තුළ ඉගැන්වීමේදී ගුරුවරුන් හා දරුවන් මුහුණදෙන ප්‍රායෝගික ගැටලු සහ ඒවා විසඳීම සඳහා දකුණු කොරියාව වැනි රටවල් අනුගමනය කරන නවීන සහ සරල ක්‍රමවේදයන් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. 

නිරෝෂා ප්‍රියදර්ශනී

112

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.