Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු වෛරසය පැතිරීම වැලැක්වීම අරමුණූ කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී ඇති බැක්ටීරියාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ලේකම් ජනක සුගතදාස මහතාගේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බ්‍රේස් හට්සන් (Bryce Hutchesson) යන මහත්වරුන් විසින් ඊයේ (07) සෞඛ්‍ය, පෝෂණ හා  දේශීය අමාත්‍යංශයේදී සිදු කරන ලදි.

ශ්‍රී ලංකාව තුළ මදුරුවන් මගින් බෝවන රෝග අතුරින් ඩෙංගු රෝගය ප්‍රධාන මහජන ගැටළුවක් බවට පත්ව ඇත. පසුගිය දශක දෙකක කාලය තුළ වසංගත ආකාරයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ප්‍රවණතාවයකින් සිදු විය. ඩෙංගු රෝගය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා ඒකාබද්ධව විවිධ අමාත්‍යංශ සහ ආයතන මගින් විවිධ වැඩසටහන් දියත් කළ අතර 2017 වර්ෂයේදී රෝගීන් 187,000 ක් වාර්තා වූ අතර, මිනිස් ජීවිත 400 කට අධික ප්‍රමාණයක් අහිමි විය.

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිරවීමේ ප්‍රධාන වාහකයා වන්නේ “Aedesaegypti” මදුරු විශේෂයයි. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පවතින ප්‍රධාන ක්‍රමෝපායන් වන්නේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ වාහක මර්දනයයි. කෙසේ නමුත් සම්ප්‍රදායික පාලන ක්‍රමයන් අඛණ්ඩව සහ තිරසාර ලෙස නොපැවතීම හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සෞඛ්‍ය තර්ජනයක් බවට පත්ව ඇත. මෙම තත්ත්වයන් යටතේ වඩා කාර්යක්ෂම හා පරිසර හිතකාමී වාහක පාලනය සිදුකල හැකි ජෛව පාලන  සඳහා අවතීර්ණ  ක්‍රමෝපායන්සඳහා අවතීර්ණ වීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.

ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළෑක්වීම සඳහා Wolbachia බැක්ටීරියාව යොදා ගැනීම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හඳුන්වා දී ඇති එවැනි එක් නව ක්‍රමවේදයකි. මෙම බැක්ටීරියාව, සමහර මදුරු විශේෂද ඇතුළුව ලෝකයේ කෘමි විශේෂ 60% කට වැඩි ප්‍රමාණයක ශරීරය තුළ හා ස්වාභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. Wolbachia බැක්ටීරියාව ශරීරය තුල අඩංගු වූ විට ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය සිදු නොවේ. එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන Aedesaegypti මදුරුවන්ගේ ශරීරය තුල ස්වාභාවිකව හමු නොවේ. එබැවින් Wolbachia බැක්ටීරියාව කෘතිමව හඳුන්වා දීමෙන්, Aedesaegypti මදුරුවන් මගින් ඩෙංගු වෛරසය පැතිරීම වළක්වයි.

ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සඳහා Wolbachia බැක්ටීරියාව ආසාධිත Aedesaegypti මදුරුවන් නිදහස් කිරීම ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවල මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශ වල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා සහයෝගය ලබා දීමට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ World Mosquito Programme (WMP) කැමැත්ත පල කොට ඇත.  Wolbachia බැක්ටීරියාව ආසාධිත Aedes මදුරුවන් නිදහස් කිරීමේ නියාමන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ දීර්ඝකාලීන ක්‍රමෝපායකි.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය ආධාර ලැබෙනුයේ ඕස්ට්‍රෙලියානු රජය මගිනි. මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමේ පර්යේෂණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්වය සඳහා වන ජාතික විශේෂඥ කමිටුවේ (National Expert Committee) එකඟතාවය ප්‍රධාන පර්යේෂකයන් හට ලබා දී ඇත. තවද,  පුළුල් පරාසයක විහිදී සිටින විවිධ පාර්ශවකරුවන් සමඟ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළීබඳව අමාත්‍යංශ නිළධාරීන් සාකච්ඡා කොට ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය හා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය විසින් අත්සන් කරනු ලබන සහයෝගිතා ගිවිසුම නීතිපති විසින් අනුමත කොට ඇත. ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති කොළඔ දිස්ත්‍රික්කයේ, කොළඔ මහ නගර සභාවේ දිස්ත්‍රික්ක 1 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය  කොළොන්නාව හා නුගේගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි යෝජිත Wolbachia ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක රාසියා පෙන්සේ (Raziya Pensea) ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

(රජයේ නිල පුවත් සේවය)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.