Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස.සාමාන්‍ය පෙළ   2022 විභාගය සමත් ප්‍රතිඵල ප්‍රතිශතය අනුව අඛණ්ඩව නවවන වතාවටත් දිවයිනේ ප්‍රථම ස්ථානය දකුණු පළාතට හිමිවී තිබේ.

2022 සාමාන්‍ය පෙළ විභාගයට දකුණු පළාතේ පාසල්වලින් ප්‍රථම වතාවට ඉදිරිපත්වූ සිසු සංඛ්‍යාව 41446 ක් වන අතර එයින් 32165 ක් උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා සමත්ව සිටින අතර එය දිවයිනේ පළාත් මට්ටමින් වැඩිම ප්‍රතිශතය වූ 77.61 කි. එම සමත් ප්‍රතිශතය අනුව සියයට 75.18 ක් හිමිකරගත් සබරගමුව පළාත   දෙවන තැනටද සියයට 74.96 ක් හිමිකරගත් බස්නාහිර පළාත  තෙවන තැනටද පත්වී තිබේ.

2022 සාමාන්‍ය පෙළ විභාගයට අදාලව විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාව මගින් නිකුත් කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණ වාර්තාව අනුව මේ  බව අනාවරණය කර තිබේ.

එම වාර්තාව අනුව දකුණු පළාත 2017 සිට 2022 දක්වා අඛණ්ඩව හා ඊට පෙර නිකුත්කළ විශ්ලේෂණ වාර්තා අනුව 2014,2015,සහ 2016 වසරවලද ලෙස වසර නවයක්ම දකුණු පළාත මෙම ජයග්‍රහණය හිමිකර ගෙන සිටීම විශේෂත්වයකි 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.