අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අමාත්‍යාංශයෙන් ලිපි නෑ
- 2024-03-07 10:01:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇතැයිද අමාත්‍යාංශය පවසයි.
තව ද අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments