අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
- 2024-04-21 20:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් 735 දෙනකුගේ නාම ලේඛනය මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අපේක්ෂකයන්ට එම ප්‍රතිඵල බැලීමේ හැකියාව පවතී.
2019 වර්ෂයට පසු වසර පහක පමණ කාලයක් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සීමිත තරග විභාග පවත්වා නොමැති අතර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් සහ සෘජු මැදිහත්වීම මත දිවයිනේ සියලු පළාත්වල පවතින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මෙම තරග විභාගය පවත්වන ලදී. සම්මුඛ පරීක්ෂණ පවත්වා හැකි ඉක්මනින් පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments