Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන්  ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය. ඒ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

මොඩ්‍යුලර් ක්‍රමය හඳුන්වා දී කලක් ගත වුවත් ගුරු මධ්‍යස්ථානවල පැවති  සම්පත්දායක හිඟය වැනි විවිධ හේතු මත නිසි කලට අදාළ පරීක්ෂණ සිදු නොකිරීමෙන් එම විභාගවලට පෙනී සිට සමත් වීමට නොහැකි වීම නිසා ගුරුවරුන් විශාල පිරිසකට අදාළ වැටුප් වර්ධක හා උසස්වීම් ලබාගැනීම ප්‍රමාද වී ඇති බවත් ඒ අනුව වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට මෙලෙස සරල විභාගයක් පවත්වා එම අවශ්‍යතාවෙන් ගුරුවරුන් නිදහස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන් ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විවිධ වර්ෂවල දී සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් 16,000ක් පමණ වසර 5ක් හෝ ඊට වැඩි කාලයක් ගුරුවරුන් ලෙස පාසල්වල සේවය කරමින් ගුරු හිඟය මගහරවා ගැනීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා වූ අතර ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ කිසි දු විරෝධයක් පළ නොවූ බවත් ය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මේ සඳහා ලබාගත යුතු ව ඇති බවත් සතියක කාලයක් තුළ එම එකඟතාව ලබාගෙන ඔවුන් ගුරු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැකි වනු ඇතැයි ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී ප්‍රකාශ කළේ ය.

අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටවීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල් වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් අනතුරුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.