අනිද්දා උල්කාපාත වර්ෂාවක උච්චතම අවස්ථාවකට
- 2025-05-04 18:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (06දා) දින එහි උච්චතම අවස්ථාවට ළඟා වනු ඇතැයි නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය ප්‍රකාශ කරයි.
එම ආයතනය සදහන් කරන්නේ මෙම උල්කාපාත කුම්භ තාරකා රාශිය ආසන්නයේ සිට විහිදෙන ලෙස පෙනෙන අතර හෙට අලුයම 3.00 ට පසු නැගෙනහිර ක්ෂිතිජයේ කුම්භ තාරකා රාශිය අසල බැලීමෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති බවයි. එසේම පැහැදිලි සහ අඩු ආලෝක දුෂණයක් සහිත රාත්‍රී අහසක් ඇති ප්‍රදේශ වලට පැයකට උල්කා 40-85 අතර ප්‍රමාණයක් මෙදින නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව සඳහන්ය.
තවද මෙදින අලුයම 4.00න් පසු උල්කාපාත වර්ෂාව ආසන්නයේ, සෙනසුරු සහ සිකුරු ග්‍රහයන් යන ග්‍රහලෝක මීන තාරකා රාශියේ දිස්වනු ඇති අතර එයද මෙදින නිරීක්ෂණය කිරීමට හැකි බව විද්‍යාඥයෝ පවසති.
පෘථිවිය හේලිගේ වල්ගා තරුවේ සුන්බුන් හරහා ගමන් කරන විට, වල්ගා තරුවේ කොටස් පෘථිවියේ වායුගෝලය සමඟ හැටි මෙම දර්ශනීය ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව නිර්මාණය කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments