Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ළමා චිත‍්‍ර ශිල්පීන්ට චිත‍්‍ර ඇඳීම හරහා ඔවුන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ආරාධනා කිරීම, ඔවුන්ව දිරි ගැන්වීම සහ ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන ත්‍යාග පිරිනැමීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් මෑතක දී නිවේදනය කරන ලද දීප ව්‍යාප්ත ළමා චිත‍්‍ර තරගයෙන් ’සෑම ළමයෙකුම කලාකරුවෙකි’ යන පිකාසෝගේ අදහස මැනැවින් පිළිබිඹු කරයි.

කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ යටතේ පැවැත්වෙන ‘අරුණළු සිත්තම් ළමා චිත‍්‍ර තරගය 2021’ තුළින් කුසලතා සහතික 250ක් මෙන්ම රුපියල් මිලියන 2කට වැඩි මුදලක් ත්‍යාග 137ක් වශයෙන් පිරිනමන බව බැංකුව පවසයි.

මෙම තරගය  ඕනෑම ශ‍්‍රී ලාංකික දරුවෙකුට විවෘත වන අතර වයස් කාණ්ඩ පහක් යටතේ එනම් පෙර පාසල් කාණ්ඩය (වයස 4-5), ප‍්‍රාථමික කාණ්ඩය (වයස 6-7), පශ්චාත් ප‍්‍රාථමික කාණ්ඩය (වයස 8-10), කනිෂ්ඨ කාණ්ඩය (වයස 11-13)සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩය (වයස 14-16)යටතේ පවත්වනු ලැබේ. පෙර පාසල්, ප‍්‍රාථමික සහ පශ්චාත් ප‍්‍රාථමික තරගකරුවන්ට තමන්ගේම මාතෘකා තෝරාගෙන A3 ප‍්‍රමාණයේ කඩදාසි මත චිත‍්‍ර ඇඳිය හැකි අතර කනිෂ්ඨ කාණ්ඩයේ තරගකරුවන් ‘අපගේ ජීවන රටාව’ යන තේමාව නිරූපණය කරන චිත‍්‍ර ඉදිරිපත් කළ යුතුය. ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ තරගකරුවන් ‘ස්වභාවධර්මයේ ත්‍යාග’ යන තේමාව යටතේ, අඟල් 14x18 කඩදාසි මත චිත‍්‍ර ඉදිරිපත් කළ යුතුය. තරගයට සහභාගිවන්නන්ට තම නිර්මාණය සඳහා තම අභිමතය පරිදි  ඕනෑම මාධ්‍යයක් තෝරාගත හැකි නමුත් ඇලෙන සුළු හෝ නොවේලෙන තීන්ත වර්ග භාවිතා නොකළ යුතු බව බැංකුව පවසයි.

තරඟයට ඇතුළත් වීම සඳහා අයදුම්කරුවන් 2021 නොවැම්බර් 10 වැනි දිනට පෙර www.arunalusiththam.lk වෙබ් අඩවිය වෙත පිවිසිය යුතු අතර අදාළ විස්තර සමඟින් සම්පූර්ණ කරන ලද චිත‍්‍රයේ ස්කෑන් කළ පිටපතක් අප්ලෝඞ් කළ යුතුය. චිත‍්‍රය, JPEG ආකෘතියෙන් එවිය යුතු අතර ස්කෑන් පිටපත ප‍්‍රමාණයෙන් 5MB නොඉක්මවිය යුතුය. මෙම ඉදිරිපත් කිරීම එක් තරගකරුවෙකුට එක් චිත‍්‍රයකට සීමා වන අතර වෙනත් තරඟයකට මීට පෙර ඉදිරිපත් නොකළ මුල් නිර්මාණයක් විය යුතුය.

පෙර පාසැල් කාණ්ඩයේ කැපී පෙනෙන ස්වනිර්මාණ ඉදිරිපත් කරන ළාබාලතම තරඟකරුවන් 25 දෙනාට සහතිකපත් සමඟ රුපියල් 10,000ක් බැගින්මු වූ මුදල් ත්‍යාගයක් පිරිනමන බව බැංකුව පවසයි. මෙම කාණ්ඩයේ යටතේ තරගකරන තවත් තරඟකරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පිරිනැමේ.

තවද, සෙසු කාණ්ඩ හතරෙන් ප‍්‍රථම ස්ථානය දිනා ගන්නා චිත‍්‍රවලට රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර එම කාණ්ඩයන්හි දෙවන හා තුන්වන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 75,000 සහ 50,000ක මුදල් ත්‍යාග ද සහතිකපත් සමඟ පිරිනැමේ.

පශ්චාත් ප‍්‍රාථමික, ප‍්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ සෑම කාණ්ඩයකම තරඟකරුවන් 25 දෙනෙකුට රුපියල් 10,000ක මුදල් ත්‍යාග, (සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියනයක්) සහතික 100ක් සමඟින් විශිෂ්ටතා සම්මාන පිරිනැමේ. මෙම කාණ්ඩ හතරෙන් තවත් තරඟකරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පිරිනැමේ. ඉහත සියලූම මුදල් ත්‍යාග කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරි කිරීමේ ගිණුමට බැර කෙරේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.