Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ අවලංගු කරන ලද  කෘෂි  විද්‍යාව දෙවන  ප්‍රශ්න පත්‍රය වෙනුවට යළි  නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමේ විශේෂ විභාගය පෙබරවාරි පළමුවනදා( 1)පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ අනුව ජනවාරි 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023(2024) උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු  විභාග මධ්‍යස්තාන එදිනද සාමාන්‍ය පරිදි පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 යළි මෙම  කෘෂි  විද්‍යාව දෙවන   ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින  පුද්ගලික අයදුම්කරුවන්ට සිය පුද්ගලික ලිපිනයට හා  පාසල් අයදුම්කරුවන්ට ඔවුන්ගේ  පාසලේ විදුහල්පති වෙතද විභාග ප්‍රවේශ පත්‍රය   එවන බව විභාග දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබිණි.

ඉකුත් 10 දා සවස  පැවත්වූ මෙම කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර විවිධ සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වී ඇතැයි අනාවරණය වූ නිසා අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙම ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.