Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වන අලි - මිනිස් ගැටුම නිසා මේ වනවිට දිවයිනේ  විවිධ ප්‍රදේශවලින් වගා හානිවලට අමතරව වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද රැසක් විනාශයට පත්ව තිබේ. පසුගිය වසර තුන තුළ වන අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2019  අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්, 2021 දී  වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

2022 වසරේ පළමු මාස 04 තුළ අලි - මිනිස් ගැටුම නිසා වන අලි මරණ 47ක් හා පුද්ගල මරණ 34ක් වාර්තා වී තිබේ. මෙම වන අලි මරණවලින් 13ක් වෙඩි තැබීම්, වන අලි මරණ 17ක් විදුලි සැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා මරණ 19ක් හා තුවාල නිසා මරණ 08ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම් වළක්වාලීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (13)  කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙර වනජීවි කාර්යාලයේ දී පැවැත්විනි. මෙම අවස්ථාවට වනජීවි නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පළාත් 08ක පිහිටි දිස්ත්‍රික්ක 19ක් තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ 131ක වන අලි - මිනිස් ගැටුම පවතින බව මෙහි හෙළිදරව් විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින සියලුම ප්‍රදේශ ආවරණය සඳහා විදුලි අලි වැට තැනීම සඳහා අවශ්‍ය උපකරණ ලුණුගම්වෙහෙර වනජීවි කාර්යාලය තුළ කාලයක් තිස්සේ පවතින බව අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය. එසේ වුවත් විදුලි අලි වැට ඉදිකිරීම සඳහා ඇතැම් ගොවි සංවිධාන මෙන්ම ගොවින් ද විරෝධය පළ කිරීම නිසා විදුලි වැට තැනීම ගැටළුවක්ව පවතින බවත්, ඒ සඳහා ගෙන්වන ලද උපකරණ තවමත් නිසි ප්‍රයෝජනයක් නොගෙන ඇති බවත් අනාවරණය විය.

මේ ආකාරයෙන් දිවයින පුරාම පිහිටි වනජීවි කාර්යාලවල මෙවැනි විදුලි වැට සැකසීමට ගෙන්වා ඇති උපකරණ නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන ඇති බව තහවුරු වී ඇත.

මේ නිසා වන අලි - මිනිස් ගැටුම ලබන වසර තුළ අවසන් කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස සියලුම ගොවි සංවිධාන හා ගොවීන් සමග සාකච්ඡා කර එතඟත්වයකට පැමිණිය යුතු බවත්, ඒ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

එමෙන්ම වගාවන්ට හානි කරන සතුන් ලැයිස්තුවට වන අලි අන්තර්ගත වුවද ඔවුන් ආරක්ෂිත සත්ව කාණ්ඩයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීමේ දී වන අලින් බහුල ප්‍රදේශවල පිහිටි ඉඩම් ඒ සඳහා ලබා නොදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.