Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට විභාග අතර සාමාන්‍ය පෙළ විභාගය කඩයිම් විභාගයක් වෙන්නේ දරුවාගේ අනාගත ගමන්මග තින්දු කිරීමට එම විභාගය බොහෝ බලපෑම් කරන නිසාය. 

ඒ කොහොම නමුත් ඉගෙන ගන්නට අවුරුදු එකොළහක් පාසල් ගොස් එයින් පසු තවත් අවුරුදු 40ක් උගන්වන්නට පාසල් ගොස් අහවර වූ 88 වියැති අඟුරුවාතට ප්‍රබුද්ධගම ගමේ පදිංචි විශ්‍රාමික ගුරුවරියක් අද ආයෙමත් සාමාන්‍ය පෙළ දෙමළ විෂය ලියන්නට හොරණ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලයට උදෑසන පැමිණියාය.

ඇය නමින් කේ. මිසිලින් නෝනාය. ඇය උපන්නේ 1937 අවුරුද්දේය. ඇය සිය වැඩිමහල් දියණිය සහ මිණිපිරියක සමග පදිංචිව ඉන්නේ 20ල ප්‍රබුද්ධගම අගුරුවාතොට ලිපිනයේය.

අද උදෑසන ඇය ඇයගේ බාල දියණිය සමඟ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට පැමිණියාය..

අවුරුදු 16ක තම මුනුබුරු මිනිබිරියන්ගේ වයසේ කටයුතු කරන  ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සමග එක්ව අද ඇය විභාග ශාලාවට පියනගුවාය.

තමන් සමග එක්ව දෙමළ විෂය විභාගය ලියන ආච්චි අම්මාට දරු දැරියන් හැමදෙනාම උදෑසනින්ම සුභ පැතූහ.

 ඇයට දරුවන් 7 දෙනෙක්ය. එයින් පිරිමි තිදෙනෙක්ම රට රකින ක්‍රියාන්විතය වෙනුවෙන් හමුදාවට බැඳුණේය. ඒ සියලු දෙනාම දැන් විශ්‍රාමිකය. ඇය බොහොම සතුටින්ම අප සමග මෙසේ පැවසුවාය..

මට මුලින්ම ගුරු පත්විම ලැබුණේ අවුරුදු 20 දී ඒ 1957 අවුරුද්දේ. නුවර මඩුගල්ල තිබෙන දුෂ්කරම කලවල ඉස්කෝලෙ...අනතුරුව දිවයිනේ පාසල් රැසක ඉගැන්වීම් කටයුතු සිදු කළ ඇය වසර 40ක සාර්ථක සේවා කාලයක් සම්පූර්ණකර 1996 අවුරුද්දේ විශ්‍රාම ලබා ගත්තාය.

දැන් මම විශ්‍රාම අරගෙන අවුරුදු 30කට ආසන්නයි. ගෙදරදොරේ වැඩපල කරගෙන හොදින් ජිවත් වෙනවා. මැහුම් ගෙතුම් කරනවා පන් මඑ පැදුරු උයනවා. වූල් ගොතනවා. දන් පින් කරනවා. සිල් ගන්නවා. ඔය අතර මට හිතුණා ගෙදර නිකම් බුදියගෙන ඉන්නවාට වඩා තව දෙමළ ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා.  මම ආයෙමත් දෙමළ පොත් ටිකක් අරගෙන ඉගෙන ගන්න පටන් ගත්තා. මට ගුරුවරයෙක් නැහැ. තනියෙන්මයි ඉගෙන ගන්නේ. 

අද  අවුරුදු 88 මම අවුරුද 16 පොඩි දරුවොත් එක්ක එකට විභාග ශාලාවේ වාඩිවෙලා දෙමළ විෂය සඳහා විභාගෙ ලියනවා. අද මගේ ජීවිතයේ හරිම සතුටු අමරණීය දිනක්.

ඉගෙන ගන්නට විභාග සමත් කරන්නට වයස ප්‍රශ්නයක් කර නොගත් ඇය සැබවින්ම රටට ආදර්ශමත් කාන්තාවක්ය. ඇය විභාගයෙන් සමත් වේවා යන්න අපි සුබ පතමු..

අඟුරුවාතොට මංගල එදිරිසිංහ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.