අවුරුදු දින තුනේදි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලක්ෂ 176ක ආදායමක්
- 2024-04-23 20:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් උද්‍යානවලින් හා සෆාරි හා රුදවුම් මධ්‍යස්ථානවලින් පසුගිය අවුරුදු දින තුන තුලදී පමණක් රුපියල් එක්කෝටි හැත්තෑ හයලක්ෂ තිස්හත්දාස් පන්සිය හතලිස් හයක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසීය .
දෙහිවල හා පින්නවල සත්වෝද්‍යාන හා අලිඅනාතාගාරය, රිදිගම සෆාරි උද්‍යානය වලට අවුරුදු දින කිපය 13, 14, හා 15 යන තෙදිනතුල විශාල පාසැල් ළමුන් ඇතුලු දෙමාපියන් හා විදේශීය සංචාරකයන්ද විශාල ප්‍රමාණයක් පැමිණීම හා එම උද්‍යානයන් තුල විශේෂ වැඩ සටහන් , පැසැල් ළමුන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුලු යටිතල පසසුකම් සපුරාලීමත් නිසා නරඹන්නන්ගේ ආකර්ෂණය ඇතිවීමත් මේම ආදායම් ලැබීමට හේතුවී ඇති බවත්, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මහත්මිය වැඩිදුරටත් පැවසීය .
මේ අනුව පින්නවල සත්වෝද්‍යානයෙන් රුපියල් 1204190 ක්ද , රිදයගම සෆාරි උද්‍යානයෙන් රුපියල් 2705868 ක්ද ,පීන්නවල අලි අනාථාගාරයෙන් රුපියල් 8958749 ක්ද දෙහිවල සත්වෝද්‍යානයෙන් රුපියල් 4778539 ක්ද උපයා ඇති බැවින් මෙම මුදල් සත්වෝද්‍යානයන්හි සත්ව ආහාර ඖෂධ , ඇතුලු නවීකරණ කටයුතු ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් යෙදවීමට සැලසුම් කර ඇතැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය කියා සිටී .
Reply To:
Name - Reply Comment
0 Comments