ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ ඉල්ලීම් ජනපති ඉටු කරයි
- 2024-07-16 09:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සුහද කථා බහකට එක් වූහ.
ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද එම දරුවන් මඟහැර නොගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ අතර තම විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව සිසුහු එහිදී ජනාධිපතිවරයාව දැනුවත් කළහ.
පාසල සඳහා පානීය ජල පහසුකම් සපයන ජල මූලය දැඩි කිවුලෙන් යුත් බැවින් දැනට නාවික හමුදාව විසින් ඉදිකරනු ලබන RO Plant පද්ධතිය කඩිනමින් ඉදිකර දෙන ලෙස මෙහිදී සිසුන් කළ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකර දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම විද්‍යාලය සඳහා පහසුම් සහිත සුහුරු පංතිකාමරයක් ලබා ගැනීම, පරිගණක ලබා ගැනීම සහ සෞන්දර්ය අංශය සඳහා ගොඩනැඟිල්ලක අවශ්‍යතාව පිළිබඳවද සිසුන් කළ ඉල්ලීම් ඉටු කර දෙන බවට ජනාධිපතිවරයා සහතික විය.
වන අලි තර්ජන හා දුෂ්කරතා මැද තම අධ්‍යාපන කටයුතු කරගෙන යන ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ විශිෂ්ටතා අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.
මේ අතර සිසු දරුවන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද හමු වී සුහද කථා බහක නිරත විය.
ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම මෙන්ම සිසුගේ ක්‍රීඩා සහ කලා හැකියාවන් ඔප් නංවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද එහිදී අවධානය යොමු විය.
ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් අබේසිංහ මහතා සහ ගුරුවරුන් හා දෙමාපියන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments