ඇමෙරිකා හිටපු ජනපතිට පිළිකාවක්

2025 ජුනි මස 01 ප.ව. 04:17 - {{hitsCtrl.values.hits}}  

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් (82)ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳි ඇති බවට හඳුනාගෙන ඇති අතර එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව ඔහුගේ කාර්යාලය ඉරිදා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වූ බයිඩන්, මුත්‍රා රෝග ලක්ෂණ සඳහා පසුගිය සතියේ වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසුව කරනු ලැබූ පරීක්ෂණ වලදී පසුගිය සිකුරාදා දිනයේදී් ඔහුට පිළිකාවක් වැළඳී ඇති බවට තහවුරු කර ගෙන තිබේ.

බයිඩන්ගේ පිළිකාව වඩාත් ආක්‍රමණශීලී ආකාරයක් වන අතර එය ග්ලීසන් ලකුණු 10 න් 9 ක් මගින් සංලක්ෂිත වේ. මෙයින් අදහස් කරන්නේ ඔහුගේ රෝගය "ඉහළ ශ්‍රේණියේ" ලෙස වර්ගීකරණය කර ඇති අතර පිළිකා සෛල ඉක්මනින් පැතිර යා හැකි බව එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය පවසයි.

බයිඩන් සහ ඔහුගේ පවුලේ අය ප්‍රතිකාර විකල්ප සමාලෝචනය කරමින් සිටින බව පැවසේ. ඔහුගේ කාර්යාලය තවදුරටත් පැවසුවේ පිළිකාව හෝමෝන-සංවේදී බවත්, එනම් එය කළමනාකරණය කළ හැකි බවත්ය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...