ඉන්දියාවේ කොවිඩ් සිරුරු අදාහනය කිරීමට සුනඛයින් ආදහනය කරන ස්ථානයක් සූදානම් කරයි
- 2021-04-29 12:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රෝහල් ඇඳන් හා ඔක්සිජන් සැපයුමේ හිඟය හෙතුවෙන් ඉන්දියාවේ සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යෑමත් සමග මිය යන රෝගීන් ආදාහනය කිරීමේ ගැටලුවකට ඉන්දියාව මුහුණ දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිරුරු අදාහනය කරන ස්ථාන අසළ දිගු පොලීම් පැවැතීම හේතුවෙන් ඒවා ආදාහනය කිරීම සඳහා තාවකාලික ස්ථාන පවා ඉදිකිරීමට ඉන්දියාව සූදානම් වෙමින් සිටියි.
මේ අනුව නව දිල්ලි නුවර සුනඛයින් අදාහනය කිරීම වෙනුවෙන් වෙන්කර තිබූ ස්ථානයක්ද මිනිස් සිරුරු ආදාහනය කිරීම වෙනුවෙන් යොදා ගැනීමට අවධානය යොමුව තිබේ.
ඒ අනුව සුනඛයින් ආදාහනය කරන භූමියක තාවකාලික මිනිස් අවමංගල්‍ය වේදිකා නිර්මාණය කිරීමට දකුණු දිල්ලි මහ නගර සභාව සැලසුම් කර තිබේ.
නවදිල්ලි නුව ද්වාරකා අංශ 29 හි අක්කර තුනක භූමියක් මියගිය සුනඛයින් ආදානය කිරීම වෙනුවෙන් මීට මාස 6 කට පෙර ඉදිකර තිබේ. නමුත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම ස්ථානය මෙසේ කොවිඩ් සිරුරු ආදාහනය කිරීම වෙනුවෙන් සූදානම් කරමින් පවතී.
විශ්ලේෂණය ලද දත්ත වලට අනුව ඉන්දියාව තුළ සෑම දිනකම ආදාහනය කරන ලද සිරුරු සංඛ්යාව සියයට 15 සිට 20 දක්වා වැඩි වේ. දැනට දිල්ලියේ මළ සිරුරු 800 කට අධික ප්‍රමාණයක් ආදාහනය කර ඇත. මෙම සංඛ්‍යාව දිනකට 1,000 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර දිල්ලි බලධාරීන් ඒ අනුව ආදාහනය කරන ස්ථාන වැඩි කිරීමට කල්තියා සූදානම් වෙමින් සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments