උදෑසන 5.30ට ආරම්භ වන මාතර අනුර විද්‍යාලය
- 2024-11-06 12:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත මාතර අනුර විද්‍යාලයිය දරුදැරියන් වෙනුවෙන් උදෑසන 5.30 ට පාසල ආරම්භ කර පැය දෙකක් වැඩිපුර අධ්‍යාපනය ලබාදීමට එහි ගුරුවරු කැපවීම අගය කල යුත්තකි.
"අරුණට පෙර අනුරෙට" යන තේමාවෙන් ආරම්භ කර ඇති එම විශේෂ අධ්‍යාපන වැඩසටහනට එහි ආචාර්යවරු අමතර පැය දෙකක් වැයකර ඇත්තේ ස්වෙච්ඡාවෙනි. ඒ සදහා ඔවුන්ට තේ කෝප්පයක් පමණක් ලබාදීමට එම පාසලේ අධ්‍යක්ෂ තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන් දිනපතා කටයුතු කරති.
දැනට මාස කීහිපයක සිට ආරම්භ කර ඇති මෙම විශේෂ අධ්‍යාපන වැඩසටහනට ගුරුවරු මෙන්ම පාසල් දරුදැරියන්ද සහභාගීවන්නේ දැඩි උනන්දුවකිනි.
උදෑසන 5.30 සිට සවස 1.30 දක්වා සියලුම විෂයයන් උගන්වනු ලබන අතර ගණිතය හා ඉංශ්‍රීසි විෂයයන් සදහා එහිදී වැඩි කාලයක් වෙන්කර ඇත.
මාතර ක්‍රිෂාන් ජයරුක්
Reply To:
Name - Reply Comment
0 Comments