Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විවිධ උපාධි පාඨමාලාවන්හි උපාධි අපේක්ෂකයකු සඳහා වසරකට ඇස්තමේන්තුගත පිරිවැය පාර්ලිමේන්තුවේදී  අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව වසරකට වැඩිම මුදලක් ලෙස දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට රු. 1,712,039ක් වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5ක පාඨමාලා කාලයට රු. 8,560,195ක් ඇස්තමේන්තු කරනු ලැබේ.

දෙවනුව වැඩිම මුදලක් ලෙස රු. 1,522,988ක්  පශු වෛද්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකුට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 05ක පාඨමාලා කාලයට රු. 7,614,940ක් ඇස්තමේන්තු කරනු ලබයි.

එමෙන්ම වෛද්‍ය පීඨයේ උපාධි අපේක්ෂකයකු සඳහා රු. 1,010,452ක් වසරකට වෙන් කරන අතර, ඒ අනුව අවුරුදු 5ක පාඨමාලා කාලය සඳහා රු. 5,052,260ක් ඇස්තමේන්තු කරනු ලැබේ.

සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකු සඳහා රු. 720,252ක මුදලක් වසරකට වෙන් කරන අතර, එම අපේක්ෂකයා වෙනුවෙන් අවරුදු 4ක පාඨමාලා කාලය සඳහා රු. 2,881,008ක් ඇස්තමේන්තු කරනු ලබයි.

ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂකයකුට වසරකට රු.705,231ක මුදලක් වෙන් කරන අතර, අවුරුදු 4ක කාලය සඳහා රු.2,820,924ක මුදලක් ඇස්තමේන්තු කිරීමට කටයුතු කෙරේ.

මීට අමතරව කෘෂිකර්ම පීඨයේ උපාධි අපේක්ෂකයකුට වසරකට රු. 686,607ක්ද, තොරතුරු තාක්ෂණ පීඨයේ උපාධි අපෙක්ෂකයකුට රු.362,994ක්ද, නීති පීඨයේ උපාධි අපේක්ෂකයකුට වසරකට රු.312,460ක්ද, ජනමාධ්‍ය සහ ප්‍රාසාංගික කලා උපාධි අපේක්ෂකයකුට වසරකට රු.520,393ක්ද , කලා /සමාජ විද්‍යා/ මානව විද්‍යා උපාධි අපේක්ෂකයෙකුට රු. 352,475ක්ද ඇස්තමේන්තු ගත කරනු ලබයි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.