උසස් පෙළට තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව 5000 ක්
- 2024-05-19 07:39:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස.සාමාන්‍ය පෙළ 2022/2023 විභාගය සමත්ව 2024/2025 උසස් පෙළ විභාගයට විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව 5000 ක් පිරිනැමීමට ජනාධිපති අරමුදල හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධ වැඩ සටහනක් ලෙස සැලසුම් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන මේ වැඩ සටහන යටතේ තෝරා ගන්නා සිසුන් සඳහා මෙම මැයි මාසයේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින දිනය දක්වා මාස 24 ක් වෙනුවෙන් මසකට රුපියල් 6000 බැගින් ශිෂ්‍යත්ව ආධාර මුදලක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
රජයේ පාසලක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය සමග උසස් පෙළ හදාරන මාසික ආදායම රුපියල් ලක්ෂයට අඩු පවුල්වල සිසුන්ට මේ සඳහා මෙම මැයි 22 දක්වා තමා ඉගෙනුම ලබන පාසල මගින් අයදුම් කළ හැකි බවත් දිවයිනේ අධ්‍යාපන කලාප සියල්ලෙන්ම එක් කලාපයකින් අවම ලෙස 50 බැගින් වනසේ මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජේ.ඉඳුරුවගේ
Reply To:
Name - Reply Comment
0 Comments