උසස් පෙළට යන්න ඉන්න සිසුන්ට කොන්දේසි කීපයක් පනවයි
- 2024-06-03 19:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයට පෙනී සිටි සිසුන් ඉදිරියේදී පාසල්වල ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ තාවකාලික පන්තිවලට අනුයුක්තව සිටින කාලය තුළ පැමිණි දින ගණනද උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී අවශ්‍ය සියයට 80 පැමිණීමේ ප්‍රතිශතය සඳහා සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එමෙන්ම එම සිසුන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත වෙනත් පාසලක උසස් පෙළ හැදෑරීමට යාමේදී එලෙස තාවකාලිකව යම් පාසලකට ඇතුළත්ව ඉගෙනුම ලබා තිබීම ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ඒ අනුව සිසුන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත වෙනත් පාසලකට ඇතුළත් වීමට ඉල්ලුම් කිරීමේදී තාවකාලිකව අනුයුක්තව සිටි කාලසීමාව තුළ පාසල් පැමිණීම හා විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් තාවකාලිකව අනුයුක්තව සිටි පාසලේ විදුහල්පති විසින් නිකුත් කළ යුතු අතර එය නව පාසලට ඇතුළත් කර ගැනීමට අමතර සුදුසුකමක් සේ සැලකෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රජය අනුමත පුද්ගලික පාසල්වලටද මෙම නියමු වැඩ සටහන අදාල කරගත හැකි බැව් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ප්‍රධානීන් වෙත උපදෙස් දෙමින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් වේ.
ඉකුත් මැයි 15 දා අවසන්වූ සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ප්‍රතිඵල නිකුත් වෙන තෙක් පාසල්වල පවතින උසස් පෙළ විෂය ධාරා අනුව ඉදිරි ජුනි මස 04 දින තාවකාලික උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයක් මගින් දන්වා තිබිණි .
ජේ.ඉඳුරුවගේ
Reply To:
Name - Reply Comment
0 Comments