එන්නත් මිශ්‍ර කිරීමෙන් අතුරු ආබාධ වැඩියි
- 2021-05-13 12:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ්-19 මර්දන එන්නත්වල මිශ්‍ර මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට උණ, ඇඟපත වෙවුලීම, තෙහෙට්ටුව හෝ හිසරදය වැනි අතුරු ආබාධ ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව එක්සත් රාජධානියේ සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
"එන්නත සමග ඔබ අපේක්ෂා කරන ප්‍රතික්‍රියා මේවායි" යනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ළමා රෝග හා එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් සහ මෙම පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකයා වන වෛද්‍ය මැතිව් ස්නේප් මෙය විග්‍රහ කර තිබේ.
"ඒවා සම්මත ආකාරයෙන් ලබාගත් එන්නත් මාත්‍රාවලදී ඔබ අඩු වැඩි වශයෙන් දකින ප්‍රතික්‍රියා ලෙසම හඳුන්වන්න පුළුවන්. එහිදී මෘදු හා මධ්‍යස්ථ රෝග ලක්ෂණ අපට දැකගන්නට ලැබුණා." ස්නේප් පැවසීය.
මිශ්‍ර මාත්‍රාවක් ලබාදීමේදී එය විමසිල්ලෙන් සිටිය යුතු දෙයක් බව පර්යේෂකයෝ පැවසූහ. එන්නත මිශ්‍ර කිරීම යනු එක් එන්නත් වර්ගයක් පළමු මාත්‍රාවක් ලෙසත්, තවත් වර්ගයක් දෙවැනි මාත්‍රාවක් ලෙසත් ලබා ගැනීමය.
නව පර්යේෂණයට ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් සම්බන්ධ විවිධ එන්නත් කාලසටහන් හතරකට අහඹු ලෙස යොදාගත් වයස අවුරුදු 50 හෝ ඊට ඉහළ වැඩිහිටියන් 830ක් ඇතුළත් වූ අතර පළමු හා දෙවැනි මාත්‍රාවන් දින 28ක කාල පරාසයකින් ලබාදී තිබුණි.
එහිදී ඔවුන්ගෙන් පිරිසක් මාත්‍රාවන් දෙකම ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත්හ. තවත් අය පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා සහ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් ලබා ගත්හ. එසේම මාත්‍රාවන් දෙකම ලෙස ෆයිසර් එන්නත හෝ පළමු මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත සහ දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබා ගත්හ.
ඒ අනුව පර්යේෂකයන් සොයා ගත්තේ පළමු වැනි මාත්‍රාවෙන් පසුව වෙනත් එන්නත් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට වැඩි අතුරු ආබාධ ඇති බවයි. එහිදී පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් ලබාගත් අයගෙන් 34%කට වැඩි උණ තත්ත්වයක් ඇතුළු අතුරු ආබාධ දැකගන්නට ලැබුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් මාත්‍රා දෙකම ලබාගත් අයට එවැනි උණ තත්ත්වයක් පැවතියේ 10%ක පිරිසකට පමණි. එමෙන්ම මුලින් ෆයිසර් එන්නත ලබාගෙන, දෙවනුවට ඇස්ට්‍රාසෙනෙකා ලබාගත් අයගෙන් 41%කට එවැනි අතුරු ආබාධ මතුව තිබුණි.
"සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, සන්ධි වේදනාව, ඇඟපත වෙවුලීම සහ මාංශ පේශි කැක්කුම ආදී අතුරු ආබාධවල වැඩිවීමක් දක්නට ලැබුණා" යනුවෙන් පර්යේෂකයෝ පවසති.
කෙසේ වෙතත් මෙම රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් රෝහල් ගත නොවූ අතර, වැඩි වූ ප්‍රතික්‍රියා බොහොමයක් එන්නත්කරණයෙන් පැය 48ක කාලය ඇතුළත දක්නට ලැබුණු බවද පර්යේෂකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments