එවරස්ට්හි හරිම උස මීටර් 8848.86
- 2020-12-10 23:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනය සහ නේපාලය එක්ව ටිබෙට් සහ නේපාල මායිමේ පිහිටි හිමාල කඳුවැටියෙහි වූ එවරස්ට් කන්දේ උස මීටර් 8848.86ක් (අඩි 29,032ක් පමණ) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙය කලින් හඳුනාගත් උසට වඩා මීටරයකට ආසන්න, එනම් මීටර් 0.86ක් උස වැඩි වීමකි.
මෙම ඒකාබද්ධ නිවේදනය නේපාලය විසින් සාගර්මාතා ලෙසත්, ටිබෙටයේ කොමොලන්ග්මා ලෙසත් හැඳින්වෙන එවරස්ට් කන්දෙහි නිශ්චිත මානයන් පිළිබඳ දීර්-කාලීන කතාබහක අවසානය සනිටුහන් කිරීමකි.
වසර ගණනාවක් පුරා මෙම රාජ්‍යයන් දෙක මෙන්ම, ලොව පුරා වෙනත් රජයන් එවරස්ට් කන්දෙහි උස පිළිබඳ වෙනස් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත.
ඒ අනුව චීන ජනාධිපති ෂී ජින්පිං සහ නේපාල ජනාධිපති බිදියා දේවි භන්දාරි අඟහරුවාදා ලිපි හුවමාරු කරගනිමින්, කන්දෙහි උස ප්‍රකාශයට පත් කළහ. පරම්පරා ගණනාවක් පුරා දෙරට අතර මිත්‍රත්වයේ වැදගත් සංකේතයක් ලෙස කොමොලන්ග්මා කන්දට ප්‍රශංසා කරමින් ජනාධිපති ෂී කියා සිටියේ, චීනය සහ නේපාලය අතර මායිම ලෙසත්, චීන-නේපාල මිත්‍රත්වයේ උච්චස්ථානය ලෙසත් ලෝකයේ උසම කඳු මුදුන දෙරටේම පිහිටා ඇති බවය.
"කොමොලන්ග්මා කන්දෙහි නව උස පිළිබඳ නිවේදනය, චීන-නේපාල සබඳතා අඛණ්ඩව වර්ධනය කිරීමේ ඉහළ මට්ටම මුළුමනින්ම පිළිබිඹු කරනවා" ෂී පැවසීය.
දෙරටේ පොදු වත්කම සහ නිජබිම ආරක්ෂා කිරීම සඳහා කොමොලන්ග්මා කන්දෙහි පාරිසරික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීමට චීනය නේපාලය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද ඔහු පැවසීය.
මෙම වසර චීනය සහ නේපාලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර 65 වැනි සංවත්සරය සනිටුහන් කරයි. දෙපාර්ශ්වයේම ඒකාබද්ධ උත්සාහයත් සමග දෙරට අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය වර්ධනය වෙමින් පවතින බවත්, එක් මාවතක් එක් තීරයක් සහයෝගීතාව ක්‍රමයෙන් ඉදිරියට යන බවත් චීන නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.
නරේන් විශ්වජිත් (www.ada.lk)
Reply To:
Name - Reply Comment
0 Comments