Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරුසිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස හයක පුහුණුවක් ලබාදීමට යෝජනා වී ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දැන්වූහ. ඒ ඔස්සේ ආබාධ සහිත දරුවන්, සාමාන්‍ය දරුවන් හා සමානව සලකා කටයුතු කිරීමට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම හා ආකල්ප ලබාදීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුහ.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ අවස්ථාව සඳහා කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් නිලධාරීහු ශ්‍රී ලංකාවේ ඔටිසම් රෝගී දරුවන්ගේ වර්ධනයක් සිදුව ඇති බව පෙන්වා දුන්හ. ඒ අනුව ගණනය කිරීම් අනුව ළමුන් 9000කට අධික පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බව වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව නිසි හඳුනාගැනීමක් සිදු නොවීම හේතුවෙන් දරුවන් මෙ‍ෙලස ආබාධ තත්ත්වයන්ගෙන් පෙලෙන බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.

මුල් ළමාවිය සංවර්ධන අවධියේදීම ඔටිසම් රෝගී දරුවන් හඳුනාගත යුතු බවත් එලෙස හඳුනාගතහොත් පමණක් එම දරුවන් යහපත් සෞඛ්‍ය මට්ටමේ දරුවන් බවට පත් කළ හැකි බවත් සභාපතිවරිය මෙහිදී පැවසුවාය. ඒ අනුව දරුවෙකු බිහිවී, පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ අධීක්ෂණ කාලසීමාවේ සිට මුල් ළමාවිය සංවර්ධන කාලසීමාව තුළ එම දරුවා පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කිරීමේ යාන්ත්‍රණය සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව කාරක සභා සභාපතිනිය අවධාරණය කළාය.

ඔටිසම් රෝගී දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රදේශවල ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කරන බව සභාපතිනිය පැවසුවාය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටද මෙහිදී යෝජනා විය. ඒ ඔස්සේ එම දරුවන්ට නිසි සංවර්ධන අවධිවලට යොමු කිරීමට ද අපේක්ෂිතයි.

මේ අතර අවධානම් සහ ආර්ථික අපහසුතාවලින් පෙලෙන ළමා නිවාස හා ආයතන වල සිටින දරුවන් ජීව විද්‍යාත්මකව පවුලෙන් වෙන් නොකොට පවුල තුළම රැකවරණය ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. දරුවෙකු පරිවාස භාරට පත්වන්නේ අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දැන්වුහ. ඒ අනුව එලෙස දරුවෙකු ආයතන ගත නොකොට පවුල තුළම රැකවරණය ලබමින් සිටීමේ වැදගත්කම පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කීරීමටද අවශ්‍ය කටයුතු සිදු කරන බව නිලධාරීහු පැවසුහ.

තවද දිවයින පුරා විවිධාකාරව ක්‍රියාත්මක වෙන පෙර පාසල්, එකම ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව කාරක සභා සභාපතිනිය පැවසුවාය. මේ අතර පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් අධ්‍යාපන අමාත්‍යාංශයත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයත් ඒකාබද්ධව සකස් කරමින් පවතින බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එමෙන්ම මේ වනවිට කෙටුම්පත් කර ඇති පෙර පාසල් විෂය මාලා රාමුවද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ වැදගත්කමද නිලධාරීහු අවධාරණය කළේය.

මෙහිදී වතුකරයේ දරුවන් නීති විරෝධී මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුවීමේ ප්‍රවණතාව පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. තවද බාබුල් සහ පන් පාරාග් වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය වලට එම දරුවන් යොමු වීමේ ගැටලුව පිළිබඳවද සාකච්ඡා කෙරිණි . එහිදී අනාවරණය වුයේ බාබුල් සහ පන් පාරාග් වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය පරිභෝගික සේවා අධිකාරිය, තහනම් ආනයනික ද්‍රව්‍ය ලැයිස්තුවට එක් නොකොට ඇති බවයි. ඒ අනුව කාරක සභාවෙන් පරිභෝගික සේවා අධිකාරියට මෙම ද්‍රව්‍ය තහනම් ආනයනික ද්‍රව්‍ය ලැයිස්තුවට එක් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඉල්ලීමක් යොමු කිරීමටද තීරණය විය.

එමෙන්ම ප්‍රසූත නිවාඩු ලබාදීමේදී තෙවන දරු උපතේදී අදාළ නිවාඩු ලබාදීම ක්‍රියාත්මක නොවන අවස්ථා වාර්තාවී ඇති බව සභාපතිනිය පැවසුවාය. එහිදී අදහස් දක්වමින් නිලධාරීහු ප්‍රසූත නිවාඩු ලබාදීමේදී පළමු සහ දෙවන දරු උපත් වලදී ලබාදෙන වරප්‍රසාදයම තෙවන සහ සියලුම සජීවී දරු උපත් වලදී ලබා දිය යුතු බවට නීති සංශෝධනය වී තිබෙන බවත් එය නිසියාකාරව සමාජ ගත නොවී ඇති බවත් කාරක සභාවට දැන්වූවාය.

තවද යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන සඳහා දමිළ භාෂාවෙන් කටයුතු කළ හැකි කාන්තා නිලධාරීන් අනියුක්ත කිරීම පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය. මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය දැනට යාපනයේ කාන්තා නිලධාරීන් 56 දෙනෙක් සේවය කරන බව පැවසුවයා. එම කාන්තා නිලධාරිනියන්ගෙන් 21 දෙනෙකු ළමා හා කාන්තා කාර්යාංශ වල රාජකාරි කටයුතු සිදුකරමින් සිටින බවත් ඉන් දමිල භාෂාවෙන් කටයුතු කළ හැකි කාන්තා නිලධාරිනියන් 8 දෙනෙකු පමණක් සිටින බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසුවාය.

මෙහිදී ළමා හා කන්තා කටයුතු සම්බන්ධ විෂය ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සම්බන්කධීරණ කමිටුවල න්‍යාය පත්‍රය තුළ සාකච්ඡා නොවීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර එම විෂය අදාළ කමිටු තුළ සාකච්ඡාවන්ට ලක් කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලිනි. ඒ අනුව වර්තමානය වන විට ළමා හා කාන්තා කටයුතු සම්බන්ධ විෂය එම කමිටුවල න්‍යාය පත්‍රය තුළ සාකච්ඡා කරන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පවත්වන ළමා හිමිකම් ප්‍රවර්ධන කමිටුව සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ සහ කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධව ප්‍රදේශයේ සිටින සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.